Thursday, July 16, 2026
HomeNEWS2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති අනුර ඩුබායි බලා පිටත්ව...

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති අනුර ඩුබායි බලා පිටත්ව යයි.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා ජනපති එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනෙන් පිටත්ව ගියේය.මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.ලෝක රාජ්‍ය නායක සමුළුවෙහි ප්‍රධාන අරමුණ වනුයේ අනාගතවාදී ප්‍රවේශය, තාක්ෂණික නවෝත්පාදනය ආදී මාතෘකා කෙරෙහි අවධානය යොමු කරමින් ගෝලීය සංවාදයක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය නායකයින් එක් සාකච්ඡා මණ්ඩපයකට එක් රැස් කිරීමයි. මෙම සමුළුවේදී මානව වර්ගයා දැනට මුහුණ දෙන ගැටලු, අනාගත ප්‍රවණතා සහ නව අවස්ථා පිළිබඳ රාජ්‍යයන් අතර දැනුම හුවමාරු කර ගැනේ. මෙයට රටවල් 150ක් නියෝජනය කරමින් 4000කට අධික පිරිසක් සහභාගී වෙති.ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහ ආණ්ඩුවල ප්‍රධානීන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා අතර ද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.මෙම තෙදින නිල සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් යන මහත්වරු හමුවීමටද සැලසුම් කර ඇත.ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද මෙම සංචාරයට එක්ව සිටියි.ජනාධිපති මාධ්‍ය අංශය2025-02-10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img