Thursday, July 16, 2026
HomeNEWSලෙබනනයේ නව ජනාධිපති වෙත, ශ්‍රී ලංකාවේ තානාපති අක්තපත්‍ර ප්‍රදානය කරයි.

ලෙබනනයේ නව ජනාධිපති වෙත, ශ්‍රී ලංකාවේ තානාපති අක්තපත්‍ර ප්‍රදානය කරයි.

ලෙබනනයේ නව ජනාධිපති වෙත ශ්‍රී ලංකාවේ තානාපති අක්තපත්‍ර ප්‍රදානය කරයිලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් කපිල සුසන්ත ජයවීර මහතා විසින් ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය ප්‍රදානය කිරීම පසුගියදා ලෙබනනයේ බීරුට් හී ජනාධිපති මන්දිරයේදී සිදුකරණ ලදී.වසර 3 කට පමණ පසුව ලෙබනනය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මකවීම සහ ඊටසමගාමීව නව ජනාධිපතිවරයෙකු පත්වීම යන කාරණාවලින් අනතුරුව මෙම අක්ත පත්‍ර ප්‍රදානය කිරීම විශේෂත්වයකි.ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සුබ පැතුම් ශ්‍රී ලංකාවේ තානාපති කපිල ජයවීර මහතා විසින් ලෙබනනයේ නව ජනාධිපති ජෙනරාල් ජෝසෙප් අවුන් මැතිතුමා වෙත මෙහිදී පිරිනමන ලදී .ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර වසර ගණනාවක් තිස්සේ පවතින දැඩි මිත්‍රත්වය ඉදිරියට තවත් ශක්තිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද ලෙබනන් ජනාධිපතිවරයා සහ ලෙබනන් ශ්‍රී ලංකා තානාපතිවරයා අතර පැවති හමුවේදී සාකච්ඡා කෙරිණ.ශ්‍රී ලංකාවේ සහ ලෙබනනයේ ජාතික ධජ ඔසවමින් දෙරටේම ජාතික ගීත වාදනය කරමින් මහත් අභිමානවත් ලෙස මෙම අක්ත පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්විණ.ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සනත් බාලසූරිය,තෙවැනි ලේකම් ප්‍රියංකා දිසානායක මහත්ම මහත්මීහු සහ ලෙබනනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img