Thursday, July 16, 2026
HomeNEWSඅඛණ්ඩව විදුලිය ලබාදෙන්න ආණ්ඩුවට අද නොහැකි වෙලා-නයනක රන්වැල්ල.

අඛණ්ඩව විදුලිය ලබාදෙන්න ආණ්ඩුවට අද නොහැකි වෙලා-නයනක රන්වැල්ල.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල මහතාය.ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය,‘‘රටේ ජනතාව ලස්සන ජිවිතයක් පොහොසත් රටක් නිර්මාණය කිරිම සඳහා තමයි ජාතික ජන බලවේගයට ජනතාව බලය ලබා දුන්නේ. නමුත් රටේ මේ වනවිට සහල් හිගයක් ඇති වී තිබෙනවා , ලුණු හිගයක් ඇති වී තිබෙනවා , අඩුකරනවා කියලා කියපු කිසිම දෙයක් අඩු කරන්න කටයුතු කළේ නෑ. මේ වනවිට විදුලියත් නොමැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. රටේ පොල් හිගයක් ඇතිවුණාට පසුව ආණ්ඩුව ප්‍රකාශ කළා පොල් රිලවුන් විනාශ කරපු නිසා පොල් හිගයක් ඇතිවුණා කියලා. රටේ සහල් හිඟයක් ඇතිවුණාට පසුව රජය ප්‍රකාශ කළා බල්ලන් සහ පුසන් නිසා සහල් හිගයක් ඇති වුණා කියලා. විදුලිය විසන්දි වුණාම බලශක්ති ඇමැති ප්‍රකාශ කරනවා වදුරෙක් පානදුර උප පොලට පැනිම නිසා විදුලිය විසන්ධි වුණා කියලා. නමුත් රටටම විදුලිය නොමැති වුනේ ඒ නිසා නෙවෙයි. බලශක්ති ඇමැතිවරයාගේ ප්‍රකාශය බිබිසි පුවත් සේවය ඇතුළු විදේශ පුවත් සේවාද වාර්තා කරලා තිබුණා.කෙසේ නමුත් රටට විදුලිය නොමැති වුණේ වදුරෙකු හෝ රිලවෙකු සම්බන්ධ වීමකින් නෙවෙයි. ඒ වගේම මේ වනවිට ලංකාව පාලනය කරන්නේ පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයෙන්. ඒ වගේම විදුලිය බෙදා හැරිම පාලනය කරන්නෙත් පැලවත්ත තිබෙන ස්වයංක්‍රිය පද්ධතියකින්. නමුත් පාලනය නිසි ලෙස සිදු නොකිරිම නිසා තමයි විදුලි බල පද්ධතිය බිද වැටිමට මුලික හේතුව වී තිබෙන්නේ. මේ ගැටලුවට සෘජු මැදිහත්විමක් සිදුකර නැවත විදුලිය ලබාදිමට කටයුතු කළ යුතුයි. සාමාන්‍ය පෙළ විභාගයට තව තිබෙන්නේ දින 32 ක් වගේ සුළු කාලයක්. විදුලිය කප්පාදු කිරිමෙන් ඒ දරුන්ට දැඩි මානසික ආතතියක් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා විදුලිය කප්පාදුවකින් තොරව ලබාදිමට රජය වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම ලංකාවේ විදුලිය විසන්දි විමට හේතුව වදුරෙක් බව බලශක්ති ඇමැතිවරයා සිදුකළේ ප්‍රායෝගික ලෝකය පිලිබඳව කිසිදු අධ්‍යනයකින් තොරවයි. ආණ්ඩුවේ ඇමැතිවරු රැසක් මේ ආකාරයට තමයි කටයුතු කරන්නේ. ඒ වගේම පරිසර ඇමැති බලන්නේ අලින් පන්නා දමන්න. අලි පැන්නිමේ කටයුත්ත දැන ලෝකයෙන් ඉවත් කරලා දශක ගණනාවක් වෙනවා. ලෝකයේ ඕනෑම සත්ත්ව කොට්ඨාසයක් පන්නා දැමිමට නොහැකියි. ඒ බව පරිසර ඇමැතිවරයාට වැටහිමක් නැ. ඒ වගේම රිලවුන්ම දුපතක සිරකරන්න සැලසුම් කරනවා. රිලවුන්ව දුපතක සිර කරන්න නොහැකියි. විෂයන්වල මුලිකි දැනුමවත් වර්තමාන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නෑ. බලශක්ති ඇමැතිට ඉන්ජිනේරු දැනුම තිබුණට ඔහුට බලශක්ති ක්ශ්‍රේත්‍රයේ මුලික දැනුම නෑ. ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිසිදු සොයා බැලිමකින් තොරව ගිරව් වගේ ප්‍රකාශ නිකුත් කරනවා. ආණ්ඩුවේ මැති ඇමැතිවරු කතා කරන්නේ තමන්ගේ විෂය පිළිබඳව නිසි අධ්‍යනයක් කිරිමකින් තොරවයි. ඒ වගේම රටේ විදුලි බල පද්ධතිය වදුරෙක් පැන්නාම සම්පුර්ණයෙන් විසන්දි වෙන්නේ නෑ. ඒ නිසා මේ විදුලිය විසන්ධි විම පිළිබඳව ආණ්ඩුව නිසි විමර්ශනයක් සිදුකළ යුතුයි. ඒ වගේම නොරෙච්චෝල බලාගාරයේ ප්‍රශ්න තිබෙනවානම් ඒවා වහාම විසදන්න රජය කටයුතු කළ යුතුයි. බලාගාරයේ අලුත් යාවත්කාලින කිරිම් කරනවානම් ඒවා වහාම සිදුකරලා නිසා ලෙස විදුලි පද්ධතිය කළමනාකරණය කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.ඒ වගේම රටේ ජනතාව විදුලි බිල සඳහා ස්ථාවර ගාස්තුවක් ගෙවනවා. විදුලිය බලය අඛණ්ඩව ලබාදෙන නිසා තමයි එවැනි ස්ථාවර ගාස්තුවක් ජනතාව ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවන්න කටයුතු කරන්නේ. ජනතාවට විදුලිය අඛණ්ඩව ලබාදිමට නොහැකිනම් ඒ ස්ථාවර ගාස්තුව ලබාගැනිම නතර කරන්න. එසේ නැතිනම් විදුලි පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණයට වන්දියක් ගෙවන්න ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කළ යුතුයි.ඒ වගේම පසුගිය සති කිහිපයේ ජනාධිපතිවරයා විදේශ සංචාර ගනනාවක නිරත වුණා. ජනාධිපතිවරයාගේ බොත්තමක ප්‍රශ්නයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වෙලා තිබුණා. කෙසේ නමුත් ජනාධිපතිවරයා පෞද්ගලික ගමනක මෙවැනි සිදුවිමක් සිදුවුණාට කිසිදු ප්‍රශ්නයක් නෑ. නමුත් රට වෙනුවෙන් යම් කිසි ස්ථානයක ගමන් කරන විට තමන්ගේ ඇදුම පැලදුම ගැන සැලකිලිමත් වෙන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරයා අලුත් මහද්විපයකුත් සොයාගෙන තිබෙනවා. ලෝකයේ මහද්විප 8 ක් තිබෙන බව පර්යේෂකයන් ප්‍රකාශ කරලා තිබුණා. නව වෙනි මහද්විපය ලෙස ඉන්දියානු මහද්විපය ජනාධිපතිවරයා නම් කිරිමට කටයුතු කළා. කතාවක් කරන්න කලින් සටහන් කරගත් කතාව නැවත කියවා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා.ඒ වගේම ජනාධිපතිවරයා ඔහුගේ විදේශ සංචාරවලින් අපේ රටට ලබාගත්ත දේවල් මොනවාද කියන කාරණය රටට හෙළි කළ යුතුයි. ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයක , චීන සංචාරයක , නිරත වුණා. මේ සංචාරවලින් රටට අත්වුණ ඉරණම ගැන කරුණාකරලා රටේ ජනතාවට පැහැදිලි කිරිමක් සිදුකළ යුතුයි. ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී තෙල් පිරිපහදුවක් රටට ලබා ගත්තා කියලා ඇතැමෙක් සිතන්න පුලුවන්. නම් මීට පෙර අත්සන් කිරිමට යෝජිත වෙලා තිබුණ ව්‍යාපෘතියක්. කාංචන විජේසේකර හිටපු ඇමැතිවරයාගේ පවුලේ අයෙකුට තමයි එහි දේශිය සන්නාමයේ අයිතිය හිමි වෙලා තිබෙන්නේ. ඒ වගේම විජිත හේරත් ඇමැතිවරයා කිව්වා සමාගම් දෙකක් කියලා. එය අසත්‍ය ප්‍රකාශයක්. ලංකාවේ තෙල් පිරිපහදුවක් ඇති කරන්න ජනාධිපතිවරයා අත්සන කළ සමාගම සහ කංචන විජේසේකර ඇමැතිවරයාගේ පවුලට සම්බන්ධ සමාගම සමාගම් දෙකක් නෙවෙයි. එකම ව්‍යාපෘතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. කෙසේ නමුත් පිරිපහදුව සාදන්න චීනය ලංකාවට මුදල් ලබා දුන්නාට මෙම පිරිපහදුව ඉදි කරන්නේ චීන සමාගමක්. චිනය ලංකාවේ පිරිපහදුව හදන්න මුදල් දුන්නාට අවසානයේ සිදුවන්නේ පිරිපහදුවෙන් ලැබෙන ආදායම චීනයටම රැගෙන යාමක් පමණයි. ඒ වගේම මෙම පිරිපහදුවේ චීන සේවයකින් රැකියාවල නිරත වන බව තමයි අපිට දැන ගන්නට තිබෙන්නේ. ඒ නිසා දේශිය සේවකයින් කොපමණ සේවය කරනවා විදේශීය සේවකයින් කොපමණ ප්‍රමාණයක් සේවය කරනවාද කියලා වහාව පැහැදිලි කිරිමක් රජය සිදුකළ යුතුයි. ඒ වගේම ජාතික ජන බලවේගය බලය ලබා ගත්තේ විදුලි බිල අඩුකරන බව ජනතාවට ප්‍රකාශ කරලා. නමුත් විදුලි බිල සත්‍ය ලෙසම අඩු කළේ ජාතික ජනබලවේග ආණ්ඩුව නෙවෙයි මහජන උපයෝගිතා කොමිසන් සභාව. ජල බිල අඩුකරන බව පවසලා , රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කියලා , ජිවන වියදම පහත දමනවා කියලා , අඛණ්ඩව විදුලිය ලබා දෙනවා කියලා කිව්වත් ජාතික ජනබලවේගයට මේ කිසිවක් සිදුකරන්න නොහැකි වෙලා තිබෙනවා. මාස 6 ක් තුළ රට පොහොසත් රටක් කරනවා කියලා තමයි ජාතික ජන බලවේගය බලය ලබාගත්තේ. ඒ කාලයෙන් මාස 4 ක් දැන් ගත වෙලා තිබෙනවා. නමුත් ජනතාවට ජිවත් වීමට නොහැකි වෙලා තිබෙනවා. ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සඳහා තිබුණ විභවය සහ ශක්තිය , හැකියාව නොමැති වෙලා තිබෙනවා. විශාල ගැටලුවකට ජනතාව අද පත් වෙලා තිබෙනවා. ඒ වගේම පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන් රටට අවශ්‍ය බලශක්ති ප්‍රභවයක්. ඉදිරි අවුරුදු කිහිපය තුළ රටේ විදුලි බල පද්ධතිය සදහා සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනිමට සැලසුම් කරලා තිබෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා අපි දැන ගන්න කැමැතියි. ඒ වගේම රටේ ප්‍රශ්නයක් පැන නැගුනාට පසුව එයින් දේශපාලන වාසි ගන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවත් , සමගි ජන බලවේගයවත් කටයුතු කරන්නේ නෑ. පුනර්ජනනිය බලශක්තිය ශ්‍රිලංකාව තුළ ශක්තිමත් කරන්න උපකාර කරන ලෙස පසුගිය සතියේ ස්විස් තානාපතිනියව සජිත් ප්‍රේමදාස මහතා හමුවුණ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළා. සමගි ජන බලවේගය බොර දියේ මාලු බාන්න සුදානම් නෑ. විපක්ෂය ලෙස සමගි ජන බලවේගය කටයුතු කරන්නේ රටේ ජනතාව විදින ප්‍රශ්න වලින් ඔවුන්ව මුදවා ගන්නා. ඒ වගේම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා රට තුළ ඇතිවි තිබෙන ප්‍රශ්නවලට විද්‍යාත්මක විසදුම් ලබාදෙන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම රජයට වී ලබාදුන්නේ නැත්නම් වී ලබාගන්න විදිහ දන්නවා කියලා කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත සහ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කරලා තිබුණා. ඒ යුගය දැන් අවසානයි. ඇමැතිවරුන්ගේ චන්ඩිකම් වලට දැන් රටේ ජනතාව යටත් වෙන්නේ නෑ. චන්ඩිකම් වලින් රටක් පාලනය කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් අගුණකොලපැලැස් ගොවි සමිතියට කඩාගෙන පැනලා ඒ ගොවි සමිතිය කඩාකප්පල් කරන්න කටයුතු කරලා තිබුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ මැරයන්ව වහාම අත්අඩංගුවට ගන්න රජය කටයුතු කළ යුතුයි. රටේ ඕනැම පුරවැසියෙකුට ඔවුන් දරන දේශපාලන මතය නිදහසේ ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවා. වී මිල ගැන කතා කරන ගොවින්ගේ කටවල් මැර හමුදා දාලා වහන්න ජානතා විමුක්ති පෙරමුණ කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඇතැම් රජයේ උදවිට හිතාගෙන ඉන්නවා වී ගබඩාවල තිබෙන වී ලබාගෙන රජයේ වී ගබඩා පුරවන්න. ඉන්පසුව හාල් මිල පාලනය කරන්න හැකියාව තිබෙනවා කියලා ඔවුන් හිතනවා. නමුත් වී ගන්න රජය වෙන් කරලා තිබෙන මුදලින් සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට 1.8 කට වඩා ගන්න බෑ. සියයට 2 කට වඩා අඩුවෙන් වී තොග තියාගෙන වී මිලට දශමයක බලපැමක් සිදුකරන්න බෑ. ආණ්ඩුව මේ ආකාරයට හාල් මෝල් මාෆියාවට උත්තර හොයන්න බෑ. ඒ වගේම සහල් මොල් හිමියන් වී ගත්තාට පසුව තමයි ආණ්ඩුව වී මිල තිරණය කළේ. මේ ප්‍රශ්න සඳහා ගොවියන් ස්මාර්ට් ගොවියන් බවට පත්කළ යුතුයි. වී ඇස්වැන්න වැඩි කරන ක්‍රමවේද වෙනස් කළ යුතුයි. වී ගොවිතැන සිදුකරන ගමන් ගොවියන්ව වෙනත් ආදායම් මාර්ග සදහා යොමු කළ යුතුයි. අස්වනු පසු තාක්ෂණය තිබිය යුතුයි. මෙවැනි විසදුම් හරහා තමයි ගොවියාගේ ප්‍රශ්නය විසදිමට හැකියාව තිබෙන්නේ. චන්ඩිකම් වලින් බලහත්කාරයෙන් ගොවින්ගේ වී ගන්න රජයට හැකියාවක් නෑ. පොහොසත් රටක් ලස්සන ජවිතයක් තිබෙන්නේ පොතේ විතරයි. භුමියේ ඔවුන්ට එය යථාර්තයක් කර ගැනිමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම ක්ලින් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය යටතේ වෙරල සුද්ද පවිත්‍ර කිරිමක් සිදුකළා. එය හොද දෙයක්. අපි එය අගය කරනවා. නමුත් වෙරළ සුද්ද කිරිමෙන් රටේ පොලිතින් මාෆියාව නැති කරන්න නොහැකියි. එය නතර කරන්න නම් එච් එස් කොඩ් එක බලලා අවශ්‍ය තහනම් කිරිම් සිදුකළ යුතුයි. සාගරය අපවිත්‍ර කරන රටවල් 10 අතර ශ්‍රි ලංකාවත් සිටිනවා. ඒ වගේම කලු ගගේ සහ කැලණි ගගේ මයිකිරෝ ප්ලාස්ටික වැඩි වශයෙන් තිබෙනවා. කෙඩිට් කාඩ් එකක් ආහාරයට ගන්නා තරමේ පොලිතින් පරිභෝජනයක් සිදුකරන කොටසක් තමයි ලංකාවේ ජිවත් වෙන්නේ. ඒ වගේම එක්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවුණ හානිය සම්බන්ධයෙන් තවම කිසිදු පියවරක් ගෙන නෑ. එ් සම්බන්ධයෙන් වර්තමාන රජයේ ස්ථාවරය කුමක් කියලා අපි අහන්න කැමැතියි. කෙසේ නමුත් ජනාධිපතිවරයා කිව්වා හොරුන්ට සහ දුෂිතයන්ට නිසි දඩුවම් ලබාදෙනවා කියලා. නමුත් ඒ දේවල් සිදුවුණේ නෑ. ඒ වගේම ජනතාවගේ ජිවින වියදම අඩුකරන්න වැඩපිලිවෙලක් සකස් කරනවා කියලා එය සිදුවුනෙත් නෑ. ඒ වගේම ජනාධිපතිවරයා විදෙස් රටවල් වලට ගොස් රට ගොඩගන්න උදව් ඉල්ලනවා. ඒ වගේම ජනාධීපතිවරයාගේ විදෙස් සංචාර වලදි එකගවුණ දේවල් ගැන රටට ප්‍රකාශ කරන්න කියලත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img