Saturday, October 31, 2026
HomeNEWSජනපති යළි දිවයිනට..කටුනායකදී ඉහළ ප්‍රතිචාර.

ජනපති යළි දිවයිනට..කටුනායකදී ඉහළ ප්‍රතිචාර.

ජනපති යළි දිවයිනටඑක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරය සඳහා එක්විය.මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර එමඟින් දෙරට අතර ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති , සංචාරක, මූල්‍ය සහ ජනමාධ්‍ය යන අංශවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල විධායක නිලධාරීන් ගණනාවක් සමඟ ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා පැවැත්විය.ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන ආරක්ෂණ සහ ප්‍රවර්ධන ගිවිසුමකටද අත්සන් තැබිණ.මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට අගමැතිනිය ඇන්ටිගුවා සහ බාබුඩා වෙත

අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා...

ප්‍රජා ශක්ති යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක්-අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් ලක්ෂ 52ක සංවර්ධන වැඩසටහන් Photo Link - https://we.tl/t-qFzL0MKkTwQzUhXw Speech Link - https://we.tl/t-AmqVVErK3jnvt4GA ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන්...

රජයේ මර්දන පනත් අධිකරණයට අපහාස කිරීමක් – විපක්ෂ නායක සජිත්

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ඒකාධිපති ආඥාදායක පාලනයක් කරා රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ...

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය

ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා - සමාජවාදී තරුණ සංගමය ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්‍යාජ දේශපාලන විරෝධතාවයන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img