Thursday, July 16, 2026
HomeNEWSවිජය ඇතුළු ජාතික නායකයින්ගේ ඝාතන ගැන අවදියෙන් සිටිය යුතු බව වජිර පෙන්වා...

විජය ඇතුළු ජාතික නායකයින්ගේ ඝාතන ගැන අවදියෙන් සිටිය යුතු බව වජිර පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ, විජය කුමාරතුංගයන්ගේ 37 වෙනි ගුණසමරුව වෙනුවෙන් අද (15) දින කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා සිදුකළ ප්‍රකාශයඅද අපි විජය කුමාරතුංගයන්ගේ 37 වෙනි ගුණසමරුව සමරනවා. මුලින්ම මට මේ අවස්ථාවට ආරාධනා කළාට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න මහතාට ස්තූතිවන්ත වෙනවා. අපි අද මේ අවස්ථාව විශේෂයෙන්ම සමරන්නේ විජය කුමාරතුංග මැතිතුමා අකල් මරණයකට පත්වීම නිසා. මම මෙතන වාඩිවෙලා ඉන්න අවස්ථාවේදී මට මතක් වුණා අතීතයේ පාර්ලිමේන්තුව. එදා මගේ වම් අත පැත්තේ හිටියේ ඔසී අබේගුණසේකර මැතිතුමා. එතුමා අද ජීවතුන් අතර නැහැ. මගේ දකුණු අත පැත්තේ හිටියේ ගාමිණි විජේසේකර මැතිතුමා. එතුමත් අද ජීවතුන් අතර නැහැ. පුටුවක් එහායින් හිටියා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා. එතුමා තොටළඟ බෝම්බයට අහු වෙලා කෙසේ හෝ වේදිකාවෙන් විසිවුණු නිසා අද ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මෙවැනි ගුණානුස්මරණ උත්සවකදී අපි කල්පනා කරන්න ඕන රටක් හැටියට අපි කොහෙටද ගමන් කරන්නේ කියලා. අපි හැමෝම කියනවා එකමුතුකම අවශ්‍යයයි කියලා. ඒක කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද එකතු වෙන්න තිබෙන ලොකුම බාධාව තමයි, තණ්හාව. බලන්න නිදහසින් පස්සේ ඩී. එස්. සේනානායක මැතිතුමා අකල් මරණයක්. එතුමා මිය යන්නේ අශ්වයා පිටින් වැටිලා. එතුමා අශ්වයෝ පදින්න දක්ෂ කෙනෙක්. කොහොමවුණත් පොත පත කියවනකොට තියනවා අශ්වයගේ ලාඩම් වැරදියට ගහලා කියලා. ඩඩ්ලි සේනානායක මැතිතුමා අකල් මරණයක්, බණ්ඩාරනායක මැතිතුමා අකාලයේ වෙඩි තියලා මරලා දැම්මා. බණ්ඩාරනායක මැතිණියවත් මරන්න උත්සාහ කළා. නමුත් ඊට කලින් ඒ අය අත්අඩංගුවට ගත් නිසා එතුමිය බේරුණා. ඒ විතරක්ද ජේ. ආර් ජයවර්ධන මැතිතුමා ඇවිත් රට හදාගෙන යනකොට ඒ කියන්නේ එතුමාගේ පාලනයේ පළවෙනි වසර පහ අවසන් කරන විට ජේ. ආර්. මරමු කියලා රට පුරා බිත්තිවල ලිව්වා. කොහොම උනත් පාර්ලිමේන්තුව ඇතුලෙදිම එතුමාට බෝම්බ ගැහුවා. ඔබ හිතනවනේ ඔබේ ගමේ තමයි බෝම්බ පුපුරන්නේ කියලා. නෑ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට බෝම්බ ගහන්නේ පාර්ලිමේන්තුව ඇතුලෙදීමයි. කොහොම උනත් ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය යන්නේ කීර්ති අබේවික්‍රම මැතිතුමා. ලලිත් ඇතුලත්මුදලි මහත්මයා මාස 3ක් රෝහලේ ප්‍රතිකාර අරගත්තා. ප්‍රේමදාස මහත්මයට සුලු තුවාල. කොහොම උනත් මේ බෝම්බ ප්‍රහාරයෙන් ජේ. ආර් ජයවර්ධන මැතිතුමාගේ ජීවිතය බේරෙනවා.ලලිත් ඇතුලත්මුදලි මහත්තයව කිරුළපන තිබුණු දේශපාලන රැස්වීමකදී මරා දානවා. ගාමිණි දිසානායක මහත්තයව තොටළගදී මරා දානවා. එතැනදී 100 කගේ විතර දිවි අහිමි වෙනවා. ප්‍රේමදාස මහත්තයටත් මැයි දිනය දවසේ ග්‍රෑන්ඩ් පාස් මංසන්ධියේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එතුමාත් අකාලයේ මිය යනවා. එතුමාගේ මරණයෙන් පසුව රටේ ජනාධිපති ලෙස පත්වන්නේ ඩී. බී. විජේතුංග මැතිතුමා. එතුමාට දේශපාලන රැස්වීම්වලදී ජනතාව අමතන්නට සිදුවන්නේ වෙන්නේ වෙඩි නොවදින වීදුරු කුටියක් තුළ සිටයි.ඒ විතරක් නෙමෙයි, චන්ද්‍රිකා මැතිණියට ටවුන් හෝල් එකේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. 100කට අදික පිරිසක් ඒ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. වෙඩි නොවදින රථය නිසා එතුමියගේ ඇසක් පමණක් අහිමිවෙලා දිවි බේරෙනවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයට බෝම්බ ගහන්න කිහිප වතාවකම උත්සාහ කරනවා. නමුත් ඒ අය වේලාසනින් අත්අඩංගුවට ගත් නිසා එතුමාගේ දිවි බේරෙනවා. ඝෝඨාභය මහත්තයට පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. එතුමාගේ වාසනාවට එතුමා වෙඩි නොවදින රථයේ සිටි නිසා එතුමා බේරෙනවා. සරත් ෆොන්සේකා මහත්මයටත් ගෝල්ෆේස්වලදී මේ අකාරයටම බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එතුමා බඩවැල් අතේ තියාගෙන තමයි රෝහලට යන්නේ. හිටපු ජනාධිපති සිරිසේන මැතිතුමාටත් මේ විදිහටම පහරදෙන්න කිහිප වතාවක්ම උත්සාහ කරනවා. නමුත් ඒ ප්‍රහාරයන් වැරදිලා වෙනත් අයගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවෙනවා. එතකොට අපි අද මේ කතා කරන විජය කුමාරතුංග මැතිතුමා මිය යන්නෙත් අකාලයේ. අෂ්රෝෆ් උඩුගුවනෙදි නැතිවෙනවා. නීලම් තෙරු චෙල්වම් වෙඩි කාලා මැරෙනවා. අමිර්ත ලිංගම්, ලක්ෂ්මන් කදිරගාමර් මේ අයත් අකාලයේ වෙඩි කාලා මියැදෙනවා.ඉතින් ඒ නිසා දේශපාලන පක්ෂ නියෝජිතයිනුත් මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. අපි එකමුතුකමක් ගැන කතා කරනවා. ඒත් අපි ඉන්නේ කොතැනද? බලන්නකෝ අපේ ජාතික නායකයෝ කිසි කෙනෙක් අද ජීවතුන් අතර නෑනේ. දැන් සමහර අය අහනවා මොකටද ආරක්ෂක අංශයක් කියලා? ඇයි ආරක්ෂක අංශයක් ඇතිවුණේ? එහෙම එකක් ඇති වුණේ මැතිණි අත්අඩංගුවට ගන්න ගියාම මහජන නියෝජිතයින්ගේ ගෙවල්වලට ආරක්ෂාවක් දෙන්න සිදුවුණා. බණ්ඩාරනායක මැතුතමාගේ අකල් මරණයෙන් පස්සේ සෑම මහජන නියෝජිතයෙක්ගෙම ගෙවල්වලට ආරක්ෂාව දෙන්න සිදුවුණා. ඒ වගේම 87, 88 මහජන පක්ෂය පමණක් ජීවිත 141 ක් පූජා කරලා තිබෙනවා. 1987 මම විශ්වවිද්‍යාලයෙන් එළියට ආවම මට ජේ. ආර්. ජයවර්ධන මහත්මයා කිව්වා, හොඳ වෙලාව ඡන්දේ ඉල්ලන්න කියලා. මම කිව්වා ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩක් මිනී මැරුම් සිද්ධ වෙනවා, ඒ නිසා ඡන්දේ ඉල්ලන්න බෑ කියලා. එතමා මට කිව්වා නෑ නෑ.. මම දෙන්නම් හොඳ ආරක්ෂාවක් ඔබතුමා මැතිතවරණයට ඉදිරිපත් වෙන්න කියලා. කොහොමහරි මට ආරක්ෂක නිලධාරීන් 18 දෙනෙක් ලබාදුන්නා. කොහොමහරි ඉතින් මම පළාත්සභා මැතිවරණයට ඉදිරිපත් වුණා. කොහොම වුණත් එදා මාත් එක්ක පළාත් සභාවේ සිටි බොහෝමයක් අය අකල් මරණයන්ට ගොදුරුවෙලා අද ජීවතුන් අතර නැහැ. විජය කුමාරතුංග මැතිතුමා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ පාලන සමයේ හිරේ හිටියා. නමුත් ඒ ගැන කේන්තියෙන් බැලුවනම් ඒ පක්ෂයට ඇතැම් තීන්දු තීරණ ගන්න බැරි වෙනවා. ඔසී අබේගුණසේකර මැතිතුමා සමහර තීරණ වෛරයෙන්, ක්‍රෝධයෙන්, කේන්තියෙන් බැලුවනම් ඒ තීරණ ගන්න බැහැ. නමුත් එහෙම පක්ෂයක් නෙමෙයි ශ්‍රී ලංකා මහජන පක්ෂය. මහජන පක්ෂය සෑම අවස්ථාවකම කල්පනා කළා රට, ජාතිය, ආගම, සංස්කෘතිය, කෙසේද ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ කියලා. මේ දිහා බැලුවම පිට පේනවා ශ්‍රී ලංකාව තියෙන්නේ ඉතාම භයානක තැනක කියලා. බලන්නකෝ නිදහසින් පස්සෙත්, නිදහස ලබාගන්න පෙරත් අපේ ජනතාව කළේ අපේ රට පාවලා දෙන එක. උදාහරණයක් හැටියට ගත්තම අපේ රටේ අවසන් රජ්ජුරුවෝ කොටුව අල්ලන්න හදනවිට එතුමාව අල්ලලා නිරුවත් කරලා නුවරට ගේනවිට විදේශිකයෝ එතුමන්ට වස්ත්‍ර අන්දවලා රටින් පිටුවහල් කරලා එතුමාට ජීවත් වෙන්න සැලැස්සුවා. මේ තමයි අපේ ඉතිහාසය. මේ තමයි අපේ වර්තමනාය. මේ තමයි අපේ අනාගතය. අපි එකමතුකම ගැන කතා කළාට, අපි තණ්හාවයි, වෛරයයි, ක්‍රෝධයයි, ඊර්සියාවයි බැඳගෙන උත්සාහ කරනවා ශ්‍රී ලංකාව ගොඩනගන්න. මට මතකයි 87 මම පළාත්සභා මන්ත්‍රීවරයෙක් ලෙස පත්වෙලා දකුණු පළාත් සභාවේ හම්බන්තොට ටෙනිසන් එදිරිසූරිය මැතිතුමා, මට මතකයි බී. වයි. තුඩාවේ එදා පළාත් සභාවේ විපක්ෂනායකතුමා, මට මතකයි දකුණු පළාත්සභාවේ එම්. එස් අමරසිරි මැතිතුමා, මට මතකයි එතුමාගේ භාර්යාවගේ හිසට වෙඩි තබා මරා දානවා. මට මතකයි මගේ දිස්ත්‍රික්කයේ මහජන එක්සත් පෙරමුණේ විශාල පිරිසක් මරා දමනවා. මට මතකයි දකුණු පළාත්සභාව 87, 88 දී තිබුණ භයානක තත්ත්වය. මෙවැනි තත්ත්වයකදී මහජන පක්ෂය පැනලා ගියේ නැහැ. ජීවිත පූජා කරමින් මේ රටේ ඒකීයභාවයත්, මේ රටේ සංස්කෘතියත්, මේ රටේ අනාගතයත්, ආරක්ෂා කරන්න විජය කුමාරතුංග මැතිතුමා පෙන්නපු පාරේ ගමන් කළා. එය තමයි විජය කුමාරතුංග මැතිතුමාගේ අරමුණ වුණේ. මම මේ කාරණා ටික කිව්වේ. ඔබ කල්පනාවෙන් මේ රටේ දේශපාලනය කළ යුතුයි. අපි ජාතියක් ලෙස කල්පනාවෙන් වැඩ නොකළොත් ශ්‍රී ලංකාවේ අනාගතය අඳුරුයි. අපි තණ්හාවෙන් වැඩ කළොත්, අපේ අනාගතය අඳුරුයි. අපි තනතුරු සඳහා වැඩ කළොත්, අපේ අනාගතය අඳුරුයි. ඒ ගැන ප්‍රකාශ කරමින් මම මගේ කතාව අවසන් කරනවා.මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරුම,හිටපු අමාත්‍ය ජී. එල් පිරිස්, හිටපු අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ද සහභාගී වී සිටියහඑක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img