Thursday, October 29, 2026
HomeNEWSකටාර් රාජ්‍යයේ ආයෝජකයින්ට ඇමති විජිතගෙන් ආරාධනා.

කටාර් රාජ්‍යයේ ආයෝජකයින්ට ඇමති විජිතගෙන් ආරාධනා.

කටාර්රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක අද (21) නිරත වූවේ ය. දෙරට අතර පවත්නා සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය සහයෝගීතාව වැඩිකරගැනීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණි.නව රජය අත්කරගනිමින් සිටින සාර්ථකත්වය කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි මහතාගේ පැසසුමට ලක් විය. නව රජය පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් ඇතැයි ද සිය විශ්වාසය පළ කළේ ය. ශ්‍රී ලංකාවේ වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍ර තවදුරටත් පුළුල් කළ හැකි බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි මහතා එරට ආර්ථිකයට දායක වන 135000කට අධික ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේ ය.පසුගිය කාලයේ සිදු වූ ආර්ථික කඩාවැටීමෙන් අනතුරුව පත් වූ නව රජය යටතේ රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ය. රජය ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන කිලිනොච්චි, පරන්තන් ප්‍රදේශවල BOI නව ආයෝජන කලාපවල සහ පෝට් සිටිහි ආයෝජන කිරීම සඳහා කටාර් රාජ්‍යයේ ආයෝජකයන්ට අමාත්‍ය විජිත හේරත් මහතා ආරාධනා කළේ ය. කටාර් සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන ලෙසත් ආරාධනා කළ අමාත්‍යවරයා කටාර් රාජ්‍යයේ පුහුණු ශ්‍රමික රැකියා අවස්ථා තවදුරටත් විවෘත කිරීමට සලකා බලන ද ඉල්ලා සිටියේ ය.ශ්‍රී ලංකාව දියත් කර ඇති ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වූ අතර දෙරට අතර පවත්නා සබඳතාව තවදුරටත් වර්ධනය කරගැනීමට දෙරට විදේශ කටයුතු අමාත්‍යාංශ අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත් එකඟතාව පළ විය.මෙම සාකච්ඡාවට කටාර් රාජ්‍යයේ තානාපති ජාසිම් බින් ජාබිර් අල් සුරූර්, කටාර් විදේශ කටයුතු අමාත්‍යංශයේ අබ්දුල් අසීස් මොහොමද් අල් හමදි, දෙවන ලේකම් ෆාතිමා මොහ්ද් අල් බාකිර් සහ කාලිද් මොහමද් යන පිරිස සහභාගී වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ ලේකම් අරුණි රණරාජා, අතිරේක ලේකම් යසෝජා ගුණසේකර, අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ යෝගනාදන්, සහාය අධ්‍යක්ෂ සංජු දසනායක සහභාගී වූවාය. කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් සාද් අල් මොරෙයිකි ඇතුළු පිරිස අද කොළඹ වරාය නගරයේ සංචාරයක ද නිරත වූහ. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img