Wednesday, October 28, 2026
HomeNEWSමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ 15%ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා...

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ 15%ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.

*මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත සහ 15%ක IT බද්ද ගැන විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි*ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මගින් තහවුරු කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධාවන අයුරින් සම්මත කරන්න යෙදුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යන පනත සංශෝධනය කිරීම වත්මන් රජයේ මැතිවරණ ව්‍යාපාරයේ මූලික සටන් පාඨයක් වූ බවත් එසේම නවොත්පාදන හා උසස් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගෙන ඩිජිටල් තාක්ෂණයක් හදුන්වා දීම රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස සදහන් වී ඇති නමුත් යෝජිත ක්‍රියාමාර්ග හරහා එහි මූලික පරමාර්ථ සාධනය නොවන බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.*මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත සංශෝධනය කරන්නේ කවදාද කියා රජයෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ විපක්ෂයේ සිටම එයට විරුද්ධ වූ බවත් පනත සංශෝධනය කරන තෙක් එය මුලු‍මලින්ම බල රහිත කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියා විපක්ෂ නායකවරයා පැවසීය.මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හා බන්ධනාගාර ගත කර දඩුවම් කළ සැකකරුවන් සංඛ්‍යාව දැන ගැනීමට අවශ්‍ය බවත් මේ පනත භාවිත කර දේශපාලන පළිගැනීම් අද මෙන්ම එදාද සිදුවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ගැසූ 15%ක බද්ද කී දෙනෙක්ට බලපානවාද*යෝජිත ආදායම් බදු සංශෝධිත පනත මගින් තොරතුරු තාක්ෂණය හරහා උපයන විදේශ විනිමය 15%ක බද්දක් අප්‍රේල් මාසයේ සිට පැනවීමට රජය යෝජනා කර ඇති බවත් මෙම බද්ද සේවා අපනයන ක්ෂේත්‍රයේ කී දෙනෙක්ට බලපාන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ තුළින් වාර්ෂිකව උපයන බදු මුදල කීයද කියා ප්‍රකාශ කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කර්මාන්ත අමාත්‍යවරයා පවා මෙම බද්දට විරුද්ධ බව පවසන බවයි.මෙම බදු මුදල් විදේශ ප්‍රේෂණවලින් වෙන් කර හදුනා ගැනීමට රජයට ඇති වැඩපිළිවෙළ මෙන්ම මෙම බද්ද පැනවීම හරහා සමස්තයක් ලෙස ඩිජිටල් ආර්ථිකය හා විකල්ප මුදල් විශුද්ධිකරණ ක්‍රම මත ඇති කරන උත්ප්‍රේරණ සම්බන්ධයෙන් රජය කර ඇති විශ්ලේෂණ සභාගත කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.https://youtu.be/ItgRbMXFNi8?si=XkQ_7RkUnWdyMEPg

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටෙයි.. දහ දෙනකු මරුට

ස්පාඤ්ඤයේ, ටොලෙඩෝ ප්‍රාන්තයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබයි.අනතුරත් සමඟ මැඩ්රිඩ් හා ඇන්ඩලුසියා අතර දුම්රිය ධාවනය...

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතාම උණුසුම්.. පාලක පක්ෂය හා විපක්ෂය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක්

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද විමසීමට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය සහ විපක්ෂ සන්ධානය අතර ආසන 51 බැගින් සම තත්ත්වයක් පවතින බවට පුරෝකථනයක්: විදෙස් මාධ්‍ය

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img