Wednesday, July 15, 2026
HomeNEWSබොහෝ රටවල සංචාරකයින්ගේ අවධානය අවියානා දැනටමත් ලබාගෙන අවසන්- සභාපති ආචාර්ය තිසර හේවාවසම්.

බොහෝ රටවල සංචාරකයින්ගේ අවධානය අවියානා දැනටමත් ලබාගෙන අවසන්- සභාපති ආචාර්ය තිසර හේවාවසම්.

වසරකට ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ආදායමක් ශ්‍රී ලංකාවට ගෙන එන ” අවියානා ” තරු හතේ හෝටලය මෙම වසරේ විවෘත කරන බව අවියානා හෝටල් සමුහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහත‍ා කියයි.ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන අවියානා හෝටලය මෙම වසරේදී විවෘත කිරීමට නියමිතයි.ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කොළඹදී සිදු කෙරුණි.වසරකට ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක ආදායමක් ශ්‍රී ලංකාවට ගෙන ඒම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. මහනුවර තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ අක්කර විසි හතක භූමි භාගයක රමණීය පරිසරයක මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරෙමින් පවතී. මේ වන විට එහි වැඩ කටයුතු 70% පමණ අවසන් වී ඇත.මෙය ශ්‍රී ලංකාවේ පළවෙනි තරු හතේ හෝටලයයි.මේ පිළිබඳව අදහස් දැක්වූ අවියානා හෝටල් සමූහයේ සභාපති ආචාර්ය තිසර හේවාවසම් මහතා පැවසුවේ මෙවැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සංවර්ධනයට මහත් රුකුලක් වන බවයි. දැනටමත් සංචාරක කර්මාන්තයෙන් දළ දේශීය ආදායමෙන් 5% ක් පමණයි ලැබෙන්නේ සමහර රටවල් අප තරම් පහසුකම් නැතත් මීට දෙතුන් ගුණයක් වැඩියෙන් ඔවුන්ට ආදායම ලබනවා. මේ නිසා ව තවත් මෙවැනි ව්‍යාපෘති ලංකාවේ ඇති කිරීමෙන් ලෝකය පුරා සිටින ධනවත් සංචාරකයන් ගෙන ඒමට රුකුලක් වන බව ආචාර්ය තිසර හේවාවසම් මහතා විසින් පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ වෘත්තීය වේදින් දෙසීයක් පමණ මෙම හෝටලයේ ආයෝජනය කර ති‍බෙන අතර තවත් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සුළු පිරිසකට මෙරට ප්‍රථම තරු 7 හෝටලය සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව පවතින බවද තිසර හේවාවසම් මහතා මෙහිදී සඳහන් කළේය. දැනට ලෝකයේ තරු 7 හෝටල් 7ක් ඇති අතර ශ්‍රී ලංකාවේ අවියානා හෝටල් සමුහය ලෝකයේ 8වෙනි තරු7 හෝටලය වශයෙන් ඉතිහාසගත‍ වෙයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය තිසර හේවාවසම් මහතා සඳහන් කළේ.” රස රිසි ගී, වෙනස, අටපට්ටම, ලයිව් @8, නමයයි පහ , රතු ඉර , ලක්ෂපති , නන්දන වින්දන , මුවන්පැලස්ස , මනුසත් දෙරණ , නුගසෙවන, සළකුණ ශ්‍රී ලාංකීය ජන සමාජයේ මානව චින්තනය තුල සිදුකළ වෙනස්කම් බොහොමයක් මගෙ ජීවිතයේ තේරෙන වයසේ සිට හදවතට දැනෙන සිදුවීම් බව මේ අවස්ථාවේදී කිවයුතුමය. ජැකසන් ඇන්තනී, කමල් අද්දරආරච්චි, හේම නලින් කරුනාරත්න, ටයිටස් තොටවත්ත, රේණුකා බාලසූරිය, ප්‍රේමකීර්ති ද අල්විස්, හඩ්සන් සමරසිංහ, නිමල් ලක්ෂපතිආරච්චි, බන්දුල පද්මකුමාර, හරේන්ද්‍ර ජයලාල්, හසන්ත හෙට්ටිආරච්චි, වැනි මිනිසුන්ගේ හදවත් දිනාගත හැකි වූ මාධ්‍යවේදීන් හා කලාකරුවන් රාශියක් මගේ මතකයේ ගැඹුරින් තැන්පත් වී ඇත. වසර විසි පහක් තුළ ලංකාවේ විවිධ ව්‍යපාර හා රැකියාවන්හි නිරත වෙමින් ජීවිතයේ සාර්තකත්වය සොයා ගිය ගමනේදි මාධ්‍ය කලාව මිනිසුන්ගේ රටේ සමාජය කොපමණ වෙනස්කමකට භාජනය කළ හැකි කලාවක් දැයි මා ඉතා හොදින් දනී. යුධ සමයේදී ජාතික අභිමානය හා මානව දයාවත් , ක්‍රීඩාංගනය තුල දී ජාතික සමගියත් , අරගල තුල දී සටනට මෙහෙය වීමත් , විපතකදී ඇසුන සැනින් පිහිටවීමත් මානව දයාවෙන් පිරි අපේ රටේ මාධ්‍ය සහෘදයන්ගේ විශේෂ දක්ෂතා බව මා මැනවින් දැන සිටිමි. එදා හිමිදිරි පාන්දර පොල්කටුවේ ගසාගත් ඉටිපන්දමින් පත්තර කන්තොරුව වෙත ගිය මාධ්‍ය වේදියාගේ සිට අද දියුණුම තාක්ෂණය මෙහෙයවන මාධ්‍යවේදියා දක්වා සියලු දෙනාම අද මෙහි පැමිණ සිටීම අප්‍රමාණ සතුටකින් හා මා සොයා ගිය මාතෘ භූමියේ හැගීම තව තවත් උද්යෝගිමත් කරයි. එසේම මේ සා දැවැන්තයින් පිරිසක් අවියානා ව්‍යාපෘතිය වෙනුවෙන් මෙහි පැමිණීම පිළිබඳව මම අප්‍රමාණ සතුටට පත්ව ඇති බව කිව යුතුය. බිලියන 8ක් වූ ලෝක ජනතාව අතරින් බිලියන දෙකක් සෑම වසරක දීම ලොව පුරා සංචාරය කරයි. ඩොලර් ට්‍රිලියන ගනනක් විවිධ රටවල් අතර සම්ප්‍රේෂණය වන අතර අපේ කුඩා රටට ද ඉතා විශාල බලපෑමක් කළ හැකි සිදුවීමක් ලෙස මෙම අවස්ථාව අර්ත දැක්විය හැක. කර්මාන්තයක් ලෙස සංචාරක කර්මාන්තය ලොව පුරා අතු පතර විහිදී ගිය දැවැන්ත වෘක්ෂයක් වන අතර එයින් බොහො රටවල් සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් පවතී. උදාහරණයක් ලෙස මෙම කර්මාන්තය ලංකාවට කෙතරම් බලපාන්නෙද යත් 2018 වසරෙදි එය දේශීය සමස්ත ආදායමෙන් 5%ක් තරම් ප්‍රමාණයක් අප පෙර සදහන් කර ආකාරයට ලෝක ධනවතුන් බලවතුන් තමන්ගේ ධනය බලය ප්‍රදර්ශනයට ඩොලර් බිලියන ගණනක් වියදම් කරද්දි සතයක් වත් වියදම් නොකර ලංකාව ලොව සංචාරය කළයුතු හොදම රටවල් අතර ප්‍රථම ස්තානයට පැමිණ ඇත.ශ්‍රී ලාංකිකයකු ලෙස අපි උපන් භූමියට යමක් කළ යුතු යන හැගීම මගේ ජීවිතය වෙනස් කළ හැගීම බව කිවයුතුමය. ඒ සඳහා මා තෝරා ගත්තේ සංචාරක කර්මාන්තය බව නොරහසකි ගාල්ලේ ඉපදුනු මා කුඩා කළ පටන් ගාල්ල කොටුව හික්කඩුව වැලිගම ආදී ප්‍රදේශ වල පාසල් කාලය තුළ ඔනෑ තරම් විදේශකයින් මුණ ගැසීමත් මෙම අදහස දියුණු කිරීමෙහි ලා වැදගත් වූ බව මම සිතමි. අධිශ්ඨානය කෙසේ හෝ ජයගත යුතු බව මගේ හිත තුළ කෙතරම් කා වැදී තිබුනේද යත් අවියානා ව්‍යාපෘතිය නිර්මානය වෙනුවෙන් වසර ගණනක් කාලය ගත වූවත් එය එතරම් කාලයක් ලෙස මට දනුනේ වත් නැත. යමක් කළ යුතුයි යන දැඩි අවශ්‍යතාව ජීවිතය කෙතරම් පෙරළියකට පත් කළේ ද යත් එය අවසානයයේ ලංකාවේ පළමු තරු 7 හෝටලය නිර්මාණයටත් ලෝකයේ අටවන තරු හතේ හෝටලය නිර්මාණයටත් විශාල උදව්වක් විය.1946 දි සුන්දර මවුන්ට් ලැවිනියා , ගොල් ඔරියන්ටල් , කැන්ඩි Queens වැනි හෝටල් තම අභිමානය ලොවට ගෙනයද්දි මෑතකදී ඉදි වූ කේප් වැලිගම , wild coast Tented Lodg, Anantara , Amanwella, Santani , වැනි ඉදිකිරීම් ලන්කාවට දැවැන්ත විදේශ විනිමයක් ගෙන එන බව නොරහසකි. මා සොයා ගිය සංචාරක කර්මාන්තයේ වෙනස තුළ මා ආදර්ශයට ගත්තේ ඩුබායි Burj Al Arab , Emirate Palace වැනි දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් නිර්මාණයන්ය. මුලදී මට මේ සියල්ල හීනයක් වුවත් වසර ගනනාවක් සිදු කළ සොයා බැලීම් වලින් පසුව මට දැනුනේ මේ සියල්ල අභිභවා යෑමට අපට හැකි බවයි. 2019 වර්ශයේ දී ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙක් ඇතුළු අප 10 දෙනෙක් එක්ව මුල් ගල තබා ආරම්භ කල අවියානා ව්‍යාපෘතිය අද ලෝකයේ අටවන තරු හතේ හෝටලය ලෙස ප්‍රසාදය ලබා ගනිමින් සිටී. මේ නිර්මානයේ දී මාතෘ භූමිය එක හෙළා මා සමග එක්ව කටයුතු කළ බව කිව යුතුය. අපේ රටේ ඉතාම දර්ශනීය දැකුම් කලු ස්ථානයකුත් දිය ඇලි කදු හා ඟංගා නිම්න ගහ කොල සතා සිව්පාවන්ගෙන් පිරි ස්වභාව ධර්මයත් මේ අලුත් ගමනට පාර කපා දුන්නේය. සමහර රට වල රාජ්‍ය නායකයන් ද අවියානා ව්‍යාපෘතිය ගැන සදහන් කරද්දී ඔවුන් දැක්වූ ධනාත්මක අදහස් බිලියන ගණනක් රසිකයන් වැලඳ ගත් දැවැන්ත චරිත හා ලෝක පූජිත චරිතාපදාන හමුවේ ඔවුන් අවියානා වෙත දක්වූ ගෞරවය විශේෂයෙන් සඳහන් කළ යුතුය. අක්කර 27ක් සියලු පහසුකම් සහිත විලා 60ක් ඇතුළු සුඛෝපභෝගී පහසුකම් රැසක් ශ්‍රී ලාංකිකයින්ටම උරුම වූ සංග්‍රහශීලීත්වයත් දිගු ඉතිහාසයක් ඇති අපේ රටේ ආහාර රටාවත් ජ්‍යෝතිෂයත් බුදු දහමත් භාවනාව වටා ගොඩ නැගුණු අපේ සංස්කෘතියත් මත පදනම්ව ඉදි කෙරුණු මේ ව්‍යාපෘතිය මගින් වසරකට ඩොලර් මිලියන 500 ක ආදයමක් ලංකාවට ලබන වසරේ සිට ගෙන එ්මට කටයුතු කරන බව නිහතමානී ආඩම්බරයකින් කිව යුතුය.මෙහි විවිධ සේවාවන් සැපයීම සඳහා ලෝක ප්‍රකට සුපවේදින්, නිර්මාණකරුවන්, සංවිධායකයන් හා සේවා සපයන්නන් දැනටමත් ගිවිසුම් ගතව ඇති ඇතර මෙමගින් රුපියල් බිලියන 150ක වාර්ෂික ආදායමක් ලැබීමට සැලසුම් කර ඇත. එනම් ලන්කාවේ සමස්ත ජනගහනය මිලියන 21 ලෙස ගත් කළ මෙම ව්‍යපෘතිය මගින් ලංකාවේ සැම පුරවැසියකුගේම ආදායම රුපියල් 6818කින් වැඩි වනු ඇත. තනි පුද්ගලයකු ලෙස එක් සේවකයකුගෙන් ආරම්භ කළ මෙම ව්‍යපෘතිය අද සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම පොදු සම්පතක් වී ඇති අතර මා නිර්මාණය කළ මෙම ව්‍යපෘතිය අද දින සමාජ ගත කිරීම සඳහා සියලු මාධ්‍ය සහෝදරයන් වෙත භාර දීමට කැමැත්තෙමි.ඔබට අප උපන් රට වෙනුවෙන් යමක් කළ නොහැකිවීද?රටේ සියළු සමස්ථ රටවැසියන් වෙනුවෙන් යමක් කළ නොහැකිවීද?අපේ දරුවන් වෙනුවෙන් යමක් කළ නොහැකිවීද?ඒ සියල්ල අමතක කර ඔබට මෙ ව්‍යාපෘතිය ඔබේ පෑනෙන් ඔබේ කැමරා කාච්යෙන් ලෝකයට නිර්මාණය කර එළි දැක්විය හැක.මෙම කර්තව්‍යයේදී, මෙම ව්‍යාපෘතිය සඳහා වියදම් වන රුපියල් බිලයන 10ක මුදල කිසිදු විදේශිකයෙකුට අත නොපා, කිසිදු බැංකුවකට ණය නොවී මා සොයා ගත්තේ, ලංකාව පුරා විසිර සිටින වෘතීයවේදීන් එක් කර ගනිමිනි.ලංකවේ ප්‍රසිද්ධ හෝටලයකට ගොස්, කෑම වේලක් ගනිද්දී, රුපියල් 15,000 පමණ වියදම් වන බවත්, එම කැම වේලේ සැබැ වටිනකම රුපියල් 3000 බව පෙන්විමෙන් බොහෝ වෘතීයවේදීන් මා සමග මෙම කර්තව්‍යට එක් විය.ලංකවේ කිසිදු ආයෝජන ව්‍යාපෘතියකට වඩා හොටල් ක්ෂේත්‍රයේ අධික ලාභයක් ඇති බවත්, ඒ තුළින් අප සියළුදෙනාගේම අනාගතය සුරක්ශිත කළ හැකි බවත් ඔවුනට තේරුම් කිරිමට මට හැකියාව පවතී.රටේ බැංකු පොලී අනුපාත අඩු අවස්තාවක, වෙනත් ආයොජන ක්‍රම මගින් සාපේක්ෂව විශාල ලාභයක් නොලැබෙන අවස්තාවක මගේ මේ යොජනාව පිලිගත් වෘතීයවේදීන් 200ක් පමණ අද ව්‍යවසායකයන් කිරිමට මට හැකියාව ලැබිණි. අවියානා ව්‍යාපෘතිය ඉදිරි මාස කීපය තුළ විවෘත කිරීමට අදහස් කරණ බවත් තවත් ආයෝජකයන් සුළු ප්‍රමාණයකට අවස්ථාව පවතින බවද දන්වා සිටිමි.අප ජයගත යුතු බොහෝ දේ ඇත. වසර ගණනාවක අප්‍රමාන මහන්සියෙන් උත්සාහයෙන් ඉදිකළ මෙම නිර්මාණය තුළින් රටට හා ජාතියට මහත් ආදර්ශයක්, සේවයක් සපයනු ඇත. විද්වත්, උගත් ඔබ රට හැරයන මෙවන් අවස්ථාවක එසේනොකළ යුතු යැයි හැගෙන ව්‍යපෘතියක් නිර්මාණය කිරිම මා ලද භාග්‍යක් ලෙස සළකමි.අවියානා ව්‍යපෘතිය පුංචි පැලයක් ව පැවති අවස්ථාවේ අපට උදව් කළ, අප කෙරෙහි විශ්වාසය තැබූ ආචාර්ය පබිලිස් සිල්වා මැතිතුමාටත්, විශ්ම ලෝකය වැඩසටහන් මාලාවේ සියලුම මාධ්‍යවේදීන් කණ්ඩායමටත්, එවකට මාධ්‍ය ලෝකයේ දැවැන්ත චරිතයක් ලෙස විශාල ප්‍රතිරූපයක් දරා සිටි හරීන්ද්‍ර ජයලාල් මහතාටත්, ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාටත් අවියානා ව්‍යාපෘතිය වෙනුවෙන් කළ මෙහෙය, සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ස්තුතිවන්ත වෙමි.බොහෝ කලකට පසු මාධ්‍යවේදීන් වූ ඔබ සියලු දෙනාටම ලියන්නට, තර්ක කරන්නට, විවේචනය කරන්නට, අදහස් දක්වන්නට, නිර්මානශීලී මාතෘකාවක් ලැබී ඇති බව සිතමි.ගෙවුනු වසර හතර ජීවිත ගෙවූ දුක්බරම කාලය බව කිවයුතුය. අද ඒ දුකම සතුටක් බවට පත් වී ඇති අතර රටට ණය නැති මිනිසෙකු ලෙසත්, අවියානා හි සේවක සේවිකාවන් සියලුදෙනාම රටට ණය නැති මිනිසුන් ලෙස ජීවත් කරවීමේ වගකීම දරන්නෙමි.අඩි පාරක් ඔස්සේ තනියම ආ ගමන අද මහා පාරක් වී ඇති බවත් පසුපස හරී බැලූ කළ විශාල පිරිසක් පිටුපසින් වන බවත් පාර තොටේදී මිනිසුන් හමුවන සෑම අවස්තාවකම මා ඔබ වෙනුවෙන් යමක් කළා යැයි මා හට දැනෙන හැඟීම අවියනා ව්‍යාපෘතිය ලෝකයට ගෙන යන මාධ්‍යවේදියෙකු ලෙස ඔබට දැනේවි යැයි මා බලාපොරොත්තු වෙමි .මෙහි පැමිණි ඔබ සියලුදෙනටමත් , මේ කර්තව්‍යයේදී තමන්ගේ ලේ ,දහඩිය , කදුළු හෙලු සියලුදෙනාටමත් , මාතෘභූමිය වෙනුවෙන් මම ගෞරව පූර්වකව ස්තුතිවන්ත වෙමි “.යනුවෙන්ද ආචාර්ය තිසර හේවාවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img