Wednesday, July 15, 2026
HomeNEWSක්ලීන් ශ්‍රී ලංකා බලකාය ජනපති හමුවෙයි.

ක්ලීන් ශ්‍රී ලංකා බලකාය ජනපති හමුවෙයි.

ජනපති සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකාය වෙත පවරා තිබේ.ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බලකායේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු,යුද හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු “ක්ලීන් ශ්‍රී ලංකා֕” කාර්යසාධක බලකායේ සාමාජිකයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ යන මහත්වරුද, “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img