Wednesday, July 15, 2026
HomeNEWSආයෝජන සඳහා ශ්‍රී ලංකාව ලෝකයට ගෙනයාමට ඇලෝ බ්ලැක් මෙරටට.

ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ලෝකයට ගෙනයාමට ඇලෝ බ්ලැක් මෙරටට.

ව්‍යවසායකත්ව සහ ජෛව තාක්‍ෂණ නවෝත්පාදනය දිරි ගැන්වීම සඳහා ඇලෝ බ්ලැක් ශ්‍රී ලංකාවේ සංචාරයකආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම අපේක්ෂාවයි- මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇලෝ බ්ලැක් පවසයිසංගීතයෙන් ඔබ්බට විහිදුණු ඉතා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ කීර්තිමත් ගායකයෙකු, ගීත රචකයෙකු සහ ව්‍යවසායකයෙකු වන ඇලෝ බ්ලැක් (Aloe Blacc) මහතා තෙදින සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඇලෝ බ්ලැක් මහතා ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ බ්ලැක් මහතා, ශ්‍රී ලංකාව ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් බව ලොවට කියා පෑමේ කොටස්කරුවෙකු වීම සිය අපේක්ෂාව බවත්, ශ්‍රී ලංකා රජය සහ ජාතික පර්යේෂණ හා සංවර්ධනය කටයුතු සඳහා මුලපිරීමේ වැඩසටහන හා සහයෝගයෙන් කටයුතු කිරීමට එය අද්විතීය අවස්ථාවක් වන බවත් සඳහන් කළේය. දැනට පවතින සහ නව සමාගම් යන කොටස් දෙකම ඇතුළුව ශ්‍රී ලංකාව තුළ සිදු වන විවිධ ආයෝජන සහ සංවර්ධනය වෙමින් පවතින නව සංකල්පය පිළිබඳව නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඉතාමත් සුවිශේෂි අවස්ථාවක් වන බව සඳහන් කළ ඇලෝ බ්ලැක් මහතා, එක්සත් ජනපදයේ සහ ලොව පුරා සිටින බොහෝ ආයෝජකයින් සමඟ තමන්ට ඉතාමත් සමීප සම්බන්ධතා පවතින බවත්, ශ්‍රී ලංකාවේ පවත්නා විභවයන් පිළිබඳව ඔවුන් හා කරුණු සාකච්ඡා කිරිමට තමන් අදහස් කරන බවත් ප්‍රකාශ කළේය.ඔහුගේ ‘I Need a Dollar’ (අයි නීඩ් අ ඩොලර්) සහ ‘Wake Me Up’ (වේක් මී අප්) වැනි ගීත ගීත ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් ගීත වන අතර, ඇලෝ බ්ලැක් මහතාගේ මෙරට සංචාරය තුළින් ජෛව තාක්‍ෂණය, සෞඛ්‍ය සේවා නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පිළිබඳ ඔහු තුළ වන උනන්දුව පිළිබිඹු කරයි. ශ්‍රී ලංකාවේ රැඳී සිටින දින තුනක, ඔහු දේශීය ව්‍යවසායකයින්, කලාකරුවන් හමු වෙමින් සංස්කෘතික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර පිළිබඳ සහයෝගිතාවන් වර්ධනය කර ගැනිමට අපේක්ෂා කෙරේ. එසේම මෙම සංචාරයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක්ද පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කුරුඳු, කජු නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, කාබනික නිෂ්පාදන, ස්වභාවික ශක්තිජනක පාන වර්ග,ආහාර සහ කෘෂිකර්මාන්තය පිළිබඳ දේශීය විශේෂඥ ව්‍යවසායකයින් හමු වීමට ද නියමිතය. මීට අමතරව, ඇලෝ බ්ලැක් මහතා ජෛව තාක්‍ෂණ විශේෂඥයින් සමඟ සාකච්ඡා සහ ආයෝජන සමුළු කිහිපයකටද සහභාගි වීමට නියමිතව ඇති අතර, සුප්‍රසිද්ධ සංගීතඥයින් සහ නවෝත්පාදකයින් සමඟ අන්තර්ක්‍රියාකාරී සැසි කිහිපයක් සඳහාද සහභාගී වනු ඇත. සීගිරිය සහ මින්නේරිය ඇතුළු සංස්කෘතික වටිනාකමකින් යුතු ප්‍රදේශයන්හි සංචාරය කිරීමටද සැලසුම් කර ඇත.ඇලෝ බ්ලැක් මහතා සංගීතය, ව්‍යවසායකත්ව මෙන්ම සමාජ සේවා කටයුතුවලද මනා කළමනාකරණයකින් යුක්තව නියැළෙන්නෙකි. විද්‍යාඥයෙකු වීමේ අපේක්ෂාවෙන් සිටි මොහු, වසංගත රෝග වැළැක්වීම සඳහා ජෛව තාක්‍ෂණ විසඳුම් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, 2022 දී කොවිඩ් වසංගතයෙන් පසු Major Inc. ආයතනය ආරම්භ කළේය. එක්සත් ජනපද නාවුක බළකායේ ප්‍රවීණයෙකුද වන ඇලෝ බ්ලැක් මහතාගේ පියාගේ දිරිගැන්වීමෙන් ආරම්භ කළ මෙම ආයතනය මේ වන විට ලොව පළමු පෙළේ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු සමඟ එක්ව වෛරස් ආසාදනයන් මර්දනට පිළිබඳව කටයුතු කරමින් සිටී. ජෛව තාක්ෂණය හැරුණු විට නවෝත්පාදනය සඳහා ඔහු තුළ වන උනන්දුව තව දුරටත් විදහා දක්වමින් පොලිග්‍රාෆ් සහ ජිරොප්ටික් වැනි තාක්ෂණික ව්‍යාපාරයන් ආරම්භ කිරිම සඳහා ද ආයෝජනයන් සිදු කරමින් සිටී. මෙම ව්‍යාපාරික කටයුතුවලට අමතරව, ඇලෝ බ්ලැක් මහතා සංගීතය සහ සමාජ සේවා කටයුතු ද අඛණ්ඩව සිදු කරගෙන යනු ලබයි. ඔහුගේ නවතම ඇල්බමය වන Stand Together -2025 තුළින්, එකමුතුකම සහ දරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කෙරේ. ඇලෝ බ්ලැක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ඔහුගේ සංගීත විශේෂඥතාව පමණක් නොව, නවෝත්පාදනය, විද්‍යාව සහ සමාජ වගකීම සඳහාද වන උනන්දුව පෙන්නුම් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img