Tuesday, September 15, 2026
HomeNEWSමාර්ග රැසක සංවර්ධන කටයුතු ගැන ඇමැති බිමල්ගේ අවධානය.

මාර්ග රැසක සංවර්ධන කටයුතු ගැන ඇමැති බිමල්ගේ අවධානය.

“ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණයට සමාගම් නියෝජිතයන් සහ කොන්ත්‍රාත්කරුවන් සමග විශේෂ සාකච්ඡාවක් ############### ඉලක්කයට, ප්‍රමිතියට සේවා සපයන ඉදිකිරීම්කරුවන්ට රජයේ ප්‍රමුඛතාවය ############## දේශපාලන බලපෑම් නොමැතිව ස්වාධීනව සේවා සැපයීමේ අවස්ථාව #############රජය විශාලත ම ආයෝජකයා ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය නංවන්නට මෙන් ම වෘත්තීය මට්ටම උසස් කරන්නට සහාය දෙනවා ############ දූෂණයට එරෙහිව ජනතාව ලබාදී ඇති ජනවරම ආරක්ෂා කරමින් රජයේ මුදල් විනිවිද භාවයෙන් යුතුව වැය කරන්න ############## ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මෙම කරුණු අවධාරණය කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් සහ සමාගම් නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකට එක් වෙමිනි. 2025.03.14 වන දින බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ ද පැවති මෙම සාකච්ඡාවේ දී, 2025 වසර වෙනුවෙන් ආරම්භ කිරීමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ව සාකච්ඡාවට බඳුන් විය. ඒ අනුව මහා මාර්ග සංවර්ධනය, අධිවේගී මාර්ග ඉතිරි කොටස් නිම කිරීම, පාලම්, ව්‍යාපෘති, ආලෝක සංඥා පද්ධති නවීකරණය, ග්‍රාමීය මාර්ග සංවර්ධනය හා පුනරුත්ථාපනය, බහුවිධ ප්‍රවාහන පර්යන්ත ව්‍යාපෘති ඇතුළු අංශ රැසක සංවර්ධන කටයුතු පිළිබඳ ව මෙහි දී සාකච්ඡා විය. නියෝජිත පිරිස ආමන්ත්‍රණය කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ”මහජන සහභාගිත්වය සහිතව සංවර්ධන කටයුතු පෙරට ගෙන යාමෙන් ජනතාවට අවශ්‍ය උපරිම සේවය ලබාදෙන්න පුළුවන්. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සහාය ලබාගෙන අවශ්‍යතාව අනුව ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන, දූෂණයෙන් තොර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. පසුගිය ආණ්ඩු කළා වගේ වත්මන් රජය ව්‍යාපාර කරන්න යන්නේ නැහැ. අපි ජන වරමට යටත් රජයක්. අනෙක් සියලු දෙනාත් ජනවරමට යටත්. ජනතා මුදල් විනිවිද භාවයෙන් යුතුව වැය කිරීමට කටයුතු කළ යුතුයි. දීර්ඝ කාලයක් තිස්සේ අත්හැර දමා තිබූ උතුරු පළාතේ සංවර්ධනය සඳහා රජය ප්‍රමුඛතාවය ලබා දෙනවා. එම ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග මහා මාර්ග සහ පාලම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කැපවෙනවා. එසේම රටේ අනෙකුත් පළාත්වල ද මහා මාර්ග, ආදී යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ඉදිකිරීම් කරුවන්ගේ සහාය අවශ්‍ය වෙනවා ” එසේම ඉදිරි පස් වසරක සංවර්ධන සැලැස්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතු කරන මෙන් අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන්ගෙන් සහ සමාගම් නියෝජිතයින්ගේ ඉල්ලා සිටියේ ය. මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මහතා, සහ ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ ආයතන නිලධාරීහු ද සහභාගි වූහ.ප්‍රවාහන, -මාධ්‍ය අංශය.මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img