මියන්මාරයේ මයාවාඩි හි සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු බේරා ගන්නා ලදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාරයේ සහ තායිලන්ත රජයේ සහාය ඇතිව, මියන්මාරයේ මයාවාඩි හි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල ජාවාරම්කර බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු බේරා ගැනීමට සාර්ථකව පහසුකම් සැලසීය. මෙම ශ්‍රී ලාංකිකයන් 14 දෙනා 2025 මාර්තු 18 වන දින ශ්‍රී ලංකාවට ආපසු පැමිණිමට නියමිතය.මෙම වර්ධනය, 2024 පෙබරවාරි 3 වන දින මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මධ්‍යම විදේශ කටයුතු අමාත්‍ය යූ තන් ස්වේ සමඟ සහ 2025 පෙබරවාරි 13 වන දින තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍ය මාරිස් සංගියම්පොන්ග්සා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් පවත්වන ලද දුරකථන සංවාද ඇතුළුව ශ්‍රී ලංකාව විසින් සිදු කරන ලද අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන්ගෙන් පසුව සිදු විය. මෙම කටයුතු දෙකෙහිම, ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකික ජාතිකයන් බේරා ගැනීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් සහාය අවශ්‍ය බව අමාත්‍ය හේරත් අවධාරණය කළේය.ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම සහ ආරක්ෂිතව නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා මියන්මාර සහ තායිලන්ත රජයන් ලබා දුන් අමිල සහාය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සිය අවංක කෘතඥතාව පළ කරයි. මෙම ක්‍රියාවලියේදී ජාත්‍යන්තර ගුවන් ගමන් සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා මියන්මාරයේ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සහ අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට ද කෘතඥතාව පළ කෙරේ.මියන්මාර සහ තායි බලධාරීන්ගේ අඛණ්ඩ සහයෝගය සහ තායිලන්තයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන්, ඉතිරිව සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම සුරක්ෂිත කිරීම සඳහා අමාත්‍යාංශය කැපවී සිටී.විදේශ රැකියා සොයන විට මිනිස් ජාවාරම් යෝජනා ක්‍රමවලට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටින ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී. විදේශ රැකියා ලබා ගැනීමට පෙර රජය විසින් අනුමත කරන ලද ක්‍රියා පටිපාටි දැඩි ලෙස පිළිපැදීමට සහ ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE) සමඟ රැකියා අවස්ථා සත්‍යාපනය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙනු ලැබේ.
























