Thursday, September 17, 2026
HomeNEWSබටලන්ද වාර්තාවේ සියලුම පිටු කියවන ලෙසට වජිරගෙන් ඉල්ලීමක්.

බටලන්ද වාර්තාවේ සියලුම පිටු කියවන ලෙසට වජිරගෙන් ඉල්ලීමක්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපෙක්ෂකයින්ගේ නාමයෝජනා පත් බාරදීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (20) මාධ්‍යයට පළ කල අදහස්මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ අලියා ලකුණ යටතේ තරඟ කරන අපේක්ෂයකයින්ගේ නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ කටයුතු පසුගිය දින කිහිපය පුරාම එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේදී සිදුකෙරුණා.ඒ අනුව සකස් කළ නාමයෝජනා පත්‍ර අද (20) දිනයේදී ගාල්ල දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේ තිබෙන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලායට බාරදීම සභාපති වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරුණා.නාමයෝජනා පත්‍ර බාරදීමෙන් අනතරුව ඒ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශය පහතින් දැක්වේ.මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා දිවයිනේ ස්ථාන කිහිපයක පමණක් හැරුණු කොට සෙසු සියලු පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය නාමයෝජනා පත්‍ර බාර දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බාරනොදුන් ස්ථාන කිහිපය සඳහා ස්වාධින කණ්ඩායම් වශයෙන් තරඟ කරන්න මේ වනවිට නාමයෝජනා බාරදී තිබෙනවා. කෙසේ වෙතත් ගාල්ල දිස්ත්‍රික්කයේ නම් දිස්ත්‍රික්කයේ තිබෙන පළාත් පාලන ආයතන 19 සඳහාම අලියා ලකුණ යටතේ තරඟ කිරීම සඳහා අපි මේ මොහොතේ නාමයෝජනා බාරදුන්නා. ඒ අනුව අපි මෙම මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. නාම යෝජනා පත්‍ර බාරදීමේදී දේශපාලන පක්ෂ වෙන් වෙන් වශයෙන් ක්‍රියා කළත් සියලු දේශපාලන පක්ෂ එක මතවාදයක සිට රට ගැන සිතා ක්‍රියා කිරීමේ වැඩපිළිවෙලකට තමයි අවතීරණ වෙලා සිටින්නේ. මේ පිළිබඳව අපි ගිය සතියේදීත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මෙම මැතිවණය සඳහා කණ්ඩායම් වැඩිම ප්‍රමාණයක් ඉදිරිපත්වීම තුළ අවසානයේ සියලු පක්ෂ එකතු වුණාම රට තුළ විශාල ජන බලවේගයක් ක්‍රියාත්මක වේවී. මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සහ ඒවාට වජිර අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.ප්‍රශ්නය -බටලන්ද කොමිෂන් සභා වාර්තාව වගේ දේවල් ආණ්ඩු පක්ෂය විසින් මේ මොහොතේ ක්‍රියාත්මක කිරීම මෙම මැතිවරණයට කෙසේ බලපායිද?පිළිතුර -මම හිතනවා ජනතාව වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස සිටින සියලුම දේශපාලන පක්ෂ මේ අවස්ථාවේදී කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. අපි සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන ක්‍රියාවන් නොකළ යුතුයි. මම ඒ නිසා කියනවා බටලන්ද කොම්ෂන් වාර්තාව ගත්තත් එහි තිබෙන පිටු සියල්ලම කියවා ගන්න කියලා.එක්සත් ජාතික පක්ෂ සභාපති,හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img