ත්‍රිකුණාමලය වරාය කේන්ද්‍ර කර ගනිමින්ශ්‍රී ලංකාව මුහුදු ගමන් කේන්ද්රස්ථානයක්බවට පත් කිරීමට නව රජය සැරසේ.අතීතයේ සිට ලෝකයේ අවධානය දිනා ගත්ත්රිකුණාමලය වරාය සංවර්ධනයට නව රජය අතගසයි.ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට විශාල වැදගත්කමක් ඇති ස්වභාවික වරායක් වන ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා පෙර පැවැති රජයන් උනන්දුවක් දැක්වූයේ නැත. මේ නිසා මෙම වරායේ සංවර්ධන කටයුතු දිනෙන් දිනම කල්ගත වුනි. නව රජයේ දැක්මට අනුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. මේ පිළිබඳව වැදගත් සාකච්ඡාවක් පසුගිය දා වරාය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා හාසිරියාවේ ගෞරවනීය , ආචාර්ය මව්සලාම් අල්ඩ්‍රව්බි සමග සිදුවුණි. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සහ එය ස්වාභාවික වරායක් වශයෙන් ඇති වැදගත්කම පිළිබඳව දීර්ඝව එහිදී සාකච්ඡා සිදුවූ අතර අනාගත සංවර්ධනය සඳහා තමන් ද එක්වීමට සූදානම් බවද එතුමා එහිදී ප්‍රකාශ කළේය.මෙහිදී කොළඹ වරායේ බහාලුම් හැසිරවීම පිළිබඳව ද සාකච්ඡා සිදුවූ අතර, මෙම ක්ෂේත්රයේ වඩාත් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින් හඳුන්වාදීමට කැමති බවද එහිදී මෙම සිරියානු නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යතුමා හමුවේ ප්‍රකාශ කරන ලදී.නියෝජ්‍ය අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ නව Drydock ( ඩ්‍රයිඩොක් හෙවත් මුහුදු ජලාශ්‍රිත නොවූ රට අභ්‍යන්තරයේ වරායක්) සංවර්ධනය සඳහා ද සැලසුම් මේ වන විටත් සකස් කරමින් සිටින බවත්, ශ්‍රී ලංකාව මුහුදු ගමන් මධ්‍යස්ථානයක් (Maritime hub) බවට පත් කිරීම ප්‍රධාන ඉලක්කය බවත් ය.මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය






















