Friday, September 18, 2026
HomeNEWSජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල්ටි ගැසීම් සිදුවී තිබෙනවා- සජිත්.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල්ටි ගැසීම් සිදුවී තිබෙනවා- සජිත්.

*හිරිකිතයක් නැතිව පක්ෂ මාරුකරපු ජේවීපී අය දැන් රනිල්ගේ වැල් පාලමේ යන හැටි අපි දන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*අයවැයේ අවසාන කතාව පවත්වා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමගි ජන බලවේගය වෙත කරුණු කාරණා රැසක් ඉදිරිපත් කළ බවත් වත්මන් ආණ්ඩුව සමග දේශපාලන බල්ටි ගැසීම් සිදු නොවන බවට ජනාධිපතිවරයා පැවසුවත් ජනතා විමුක්ති පෙරමුණේ එදා දේශපාලන බල්ටි ගැසීම් සිදුවූ බවත් විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණ අතැර යාම, කැබිනට් ඇමතිකම් දැරූ ජවිපෙ සාමාජිකයන් පක්ෂය හැර ගිය අවස්ථා පවා තිබුණු බවත් එම නිසා දේශපාලන බල්ටි ගැසීම් සිදු වුවත් ඒවා සිදුවන්නේ ප්‍රතිපත්තිගරුක නොවන දේශපාලන ගමන් අනුගමනය නොකරන නිසා බවත් එවැනි දේවල් ජනතා විමුක්ති පෙරමුණේ ද සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කලුතර දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.*එසේම ජනාධිපතිවරයා පැවසූ ආකාරයට සමගි ජන බලවේගයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය හෙමින් සිදුවන බවත් තීන්දු තීරණ ගන්න බය බව පැවසුවත් සමගි ජන බලවේගය තීන්දු තීරණ ගන්නේ ජනතාවාදීව නිවැරදි ආකාරයෙන් මිස වත්මන් රජය මෙන් ජනතාවට වුණ පොරොන්දු කඩ කරමින් නොවන බවත් වත්මන් රජය මෙන් වේගයෙන් ජනතාව මුලා කරන රවටන වැඩසටහන් සිදු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.වත්මන් රජය බලයට පැමිණියේ හිටපු ජනාධිපතිගේ ප්‍රතිපත්ති අයිඑම්එෆ් ගිවිසුම් වෙනස් කරනවා යැයි පවසා වුවත් ඒ කිසිදු වෙනස් කිරීමකින් තොරව හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය යන බවත් ජනතාවට එකක් කියා බලයට පැමිණි පසු වෙනස් දෙයක් කරන බවත් එවැනි හිරිකිත වැඩ කරන්න සමගි ජන බලවේගයට නොහැකි බවත් ජනතාව රවටා බලය ගෙන වෙනත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට ලැජ්ජාවක් ඇති බවත් ජනතාව අන්දවන රවටන තීන්දු තීරණ ගන්න සමගි ජන බලවේගය සූදානම් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/a25a8d4dl3c?si=bMMVCiNIVth8ZBI4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img