Thursday, July 16, 2026
HomeNEWSසජිත්, මහින්ද, රනිල් එකතු වෙන කතා පට්ටපල් බොරු - සජිත්.

සජිත්, මහින්ද, රනිල් එකතු වෙන කතා පට්ටපල් බොරු – සජිත්.

*සජිත් මහින්ද රනිල් එකතු වෙන කතා පට්ටපල් බොරු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*සජිත් මහින්ද රනිල් එකතු වෙන බවට විවිධ පුවත්පත්වල පුවත් පළ කරමින් ඒවා පත්තර කියවන වැඩසටහන්වල දී සිරස්තල ලෙස ගෙන ඉස්මතු කරන කියන බවත් එය අමූලික පට්ටපල් බොරුවක් බවත් සමගි ජන බලවේගයට කාත් එක්කවත් එකතු වෙන්න අවශ්‍ය නොවන බවත් සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේ විශිෂ්ඨ ජයක් ලැබීම වැළැක්වීමට බංකොලොත් දේශපාලන පක්ෂ එකට එකතු වී ව්‍යාජ පුවත් ජනගත කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.*හිටපු රජය කරපු දේ නැවත කිරීම ක්‍රමයේ වෙනස නොවන බවත් ජනතාව රවටන්න සමගි ජන බලවේගය බය බවත් මුසාව මුලාව ප්‍රෝඩාව ඇන්දවීමෙන් ජනතාව නන්නත්තාර කරන්න බය බවත් තීන්දු තීරණ ගැනීමේ දී නිවැරදි තීන්දුවල සමගි ජන බලවේගය රැදී සිටින බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අද වන විට රජය ව්‍යාජ සිරස්තල උපයෝගී කර ගෙන සමගි ජන බලවේගය විවිධ පක්ෂ සමග එකතු වෙන්න උත්සාහ කරන බවට ව්‍යාජ පුවත් මැව්වත් සමගි ජන බලවේගය එසේ නොවන බවත් ඔවුන් මෙවැනි ප්‍රවෘත්ති මවන්නේ සමගි ජන බලවේගය ප්‍රථම වතාවට පළාත් පාලන මැතිවරණයකට තරග කරන නිසා බවත්ය.*මේ රජයයි ජනාධිපතිවරයයි ලැජ්ඡා නැතිව මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කරනවා*ජනාධිපතිවරයා පැය ගාණක් අයවැය කතාව කරලා අයවැය අවසන් වන විටත් තවත් පැය ගාණක කතාවක් කරමින් දේශපාලන බල්ට් ගහන සංස්කෘතිය අවසන් යැයි පැවසූ බවත් දේශපාලන බල්ටි ගැහුවත් නැතත් සමගි ජන බලවේගය කවදාවත් බල්ටි ගහන අයට මුදල් වරදාන වරප්‍රසාද පිටරට සංචාර ලබා දී මන්ත්‍රීවරු නැවැත්තුවේ නැති බවත් ඒවා වුණ කාලයක් තිබූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පවා හොද බල්ටි කාරයෝ සිටි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 39ක් ජනතා විමුක්ති පෙරමුණට ඉන්න කාලේ බහුතරයක් බල්ටි ගැසූ නිසා අනික් පක්ෂවලට ඇගිල්ල දික් කරන්න පෙර තමන් දිහාත් බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එසේම සමගි ජන බලවේගය තීන්දු ගන්න බය බව පැවසූ බවත් නායකත්ව ගුණාංක ක්‍රමවේද වැඩපිළිවෙළ එකිනෙකාට වෙනස් බව ජනාධිපතිවරයා දැන ගත යුතු බවත් මැතිවරණ වේදිකාවේ අයිඑම්එෆ් ගිවිසුම් වෙනස් කරනවා යැයි කියූ වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ අයිඑම්එෆ් ගිවිසුම ඒ ආකාරයෙන්ම පිළිගෙන හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේම යන බවත් තමානම් මැතිවරණ පොරොන්දු කඩ කරන්න බය බවත් වත්මන් ජනාධිපතිවරයාට ලැජ්ජාවක් නැති වුණාට තමාට නම් ලැජ්ජා බයක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*නිර්ධන පන්තියේ රජය අද රැකියා විරහිත උපාධිධාරින්ට එලවා එලවා පහර දෙනවා*76 වසරක සාපය ගැන රජය දිගින් දිගටම කියමින් යන බවත් එක්තරා කල්ලියක් එක්තරා පැලැන්තියක් රට පාලනය කළ බවත් ජනතා විමුක්ති පෙරමුණ නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියූවත් අඩුවට හාල් පොල්වත් ලබා දෙන්න නොහැකි වී ඇති බවත් දැන් හාල් පොල් රු. 100කට වඩා වැඩි වී ඇති බවත් පොහොර සහනාධාරයවත් හරියට දී ගන්න නොහැකි වී ඇති බවත් නිර්ධන පන්තියේ රජයක් කිව්වට මේ අය අද රැකියා විරහිත උපාධිධාරින්ට පවා එලවා එලවා පහර දෙන බවත් කැරළි මර්දන ඒකක මගින් ප්‍රහාර එල්ල කර රෝහලට ගිහින් දමන බවත් නිර්ධන පන්තිය ආරක්ෂා කරන ආණ්ඩුව හැසිරෙන්නේ ඒ ආකාරයට බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*උත්සව සමයක කඩිමුඩියේ මැතිවරණය තියන්නේ රජයට ඇති අප්‍රසාදය එන්න එන්න වැඩි වෙන නිසා*බොරුවට මුසාවට මංමුලාවට වැඩි ආයුෂ නොමැති බවත් ජනතාවාදි ජනහිතකාමී පොදුජනවාදී අලු‍ත් ගමනක හැරවුම් ලක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජයග්‍රහණයෙන් සිදුවන බවත් මේ අලු‍ත් අවුරුදු සමය ධාතු ප්‍රදර්ශන, පාස්කු දිනය, රාමසාන් සමය වෙසක් උත්සවය තිබියදී මේ අය මැතිවරණයක් තියන බවත් එයට හේතුව එන්න එන්න රජයට ඇති අප්‍රසාදය වැඩි වීම නිසා ඉදිරියේදී කුමක් වේද කියා රජය බියෙන් සිටින නිසා බවත් දැන් රාජ්‍ය සේවකයන්ට පවා මොවුන්ගේ තරම තේරී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.https://youtu.be/vBclmRFaYqE?si=mNUnU6qjH6UWjYHE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img