ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් දෙවන වතාවටද ඇමෙරිකාවට ගොස් තිබේ.වොෂින්ටන්හිදී එක්සත් ජනපද නියෝජිත කාර්යාලයේදී එහි කණ්ඩායමක් සමග මෙම සාකච්ඡාව පැවැත්වීය.මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියපෙරුම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියහ.ඇමරිකාවේදී එම දූත පිරිසට හි සිටින ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාද එක්ව තිබේ.මහින්ද සමරසිංහ මහතා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඇමරිකාවේ වාසය කරයි.ජාතික ජන බලවේග නව පාලන යටතේ ද ඒ මහතා තවදුරටත් එම කටයුත්තේම යෙදී සිටී.






















