සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ. අවුරුදු ක්‍රීඩා, ජන ක්‍රීඩාවලට අමතරව සංස්කෘතික අංග රැසක් ද මෙම අවුරුදු උත්සවයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් රැසක් මෙම අවුරුදු උත්සවයට එක්ව සිටියා.




























