Monday, September 7, 2026
HomeNEWSකතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සඳහන් කළේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදු කර තිබුණි.

ඒ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙනි.

අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවතින අතර අදාළ ඉඩම තමාට අයත් බව මන්ත්‍රී අර්ච්චුනා පවසන අතර කාන්තාවක්ද එම ඉඩමේ අයිතිය ඉල්ලා ඇත.

ඒ අනුව පසුගිය 25වනදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම ස්ථානයට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමෙන් කොටසක් තමන්ට අයත් බව පවසමින් මන්ත්‍රීවරයා සමග බහින් බස්වීමක් ඇති කර ගෙන තිබේ.

එම බහින්බස්වීම දුරදිගයාම හේතුවෙන් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කර ඇති බව ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img