Saturday, May 2, 2026
HomeNEWSයහපත් සමාජයක් ගොඩනැගීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා -ජනපති.

යහපත් සමාජයක් ගොඩනැගීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා -ජනපති.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” ජනපති සහභාගිත්වයෙන් ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා – ජනපතිතමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ (28) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි.අශිෂ්ටත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රජයක් ලෙස ඒ වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද අවධාරණය කළේය.ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමේදී නව හර පද්ධතියක සහ වටිනාකම් පද්ධතියක අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශිෂ්ටත්වය කරා යන එම ගමනේදී “පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතු බව” තමන් ප්‍රකාශ කළේ එබැවින් බවද සිහිපත් කළේය. රට තුළ අපේක්ෂා කරන ශිෂ්ටත්වයේ නව හැරවුම ගැනීම හුදු දේශපාලන ධාරාවේ වෙනස්කම්වලින් පමණක් සිදු කළ නොහැකි බවත්, වටිනා හර පද්ධතින් සහ වටිනාකම් මත ගොඩනැගෙන සමාජ බැඳීම්වල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.එමෙන්ම තමන් දරා සිටින ස්ථාවරයේ ශක්තිමත්ව එළැඹ සිටීමේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ “උජුපටිපන්න” ගුණයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේගේ 75 වසරක භික්ෂු ජීවිතය තුළ විද්‍යාමාන කළ වටිනාකම් සිය ජීවිතවලට උකහා ගැනීම උන්වහන්සේට සිදු කළ හැකි ඉහළම ගෞරවය බවද කියා සිටියේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ජාතික අර්බුදකාරී අවස්ථාවල පෙරට වැඩමකර නිර්භයව ඒ වෙනුවෙන් පෙනී සිට රටත්, සම්බුදු සසුනත්, ජාතියත් වෙනුවෙන් සටන් කළ මහා තෙර නමකි. උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ජාතික, සාමාජයීය හා ශාසනික සේවාව අගයමින් සහ උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබිණි. “ප්‍රායෝගික බුදුසමය” ශාස්ත්‍රීය සංග්‍රහය සහ “අණ ගුණ සහ බණ” කෘතියද මෙහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබිණි. කාම්බෝජ සංඝරාජ හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලද අතර බෝධිරාජ විද්‍යාලයේ සහ ශ්‍රී බෝධිරාජ ධර්මායතන දහම් පාසලේ ශිෂ්‍ය, විශාරද දුලිත මේනුජ ශිෂ්‍යයා විසින් ගායනා කරන ලද “ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමි” උපහාර ගීතය ඇතුළත් සංයුක්ත තැටියද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේගේ මුලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති හිමිපාණන් වහන්සේ, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයද, කොරියාවේ ජොගේ මහානිකායේ ප්‍රධාන සංඝ නායක සහ සංඝෙසා බෞද්ධ විහාරයේ විහාරාධිපති යොන්දම් මාහිමිපාණන් වහන්සේ ඇතුළු විදෙස් ගිහි පැවිදි ආරාධිත පිරිසක් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් සහ හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img