Tuesday, April 28, 2026
HomeNEWSසීනි ගැටලු විපක්ෂ නායක සජිත්ගෙන් පාර්ලිමේන්තුවට.

සීනි ගැටලු විපක්ෂ නායක සජිත්ගෙන් පාර්ලිමේන්තුවට.

*මෙරට සීනි කර්මාන්තය සහ ඒ ආශ්‍රිත ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.*ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය දිගු කාලයක් පුරා පවත්වාගෙන යන දේශීය වානිජ කර්මාන්තයක් බවත් මෙම කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවනෝපය සකසා ගත් පවුල් 250000කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් වත්මන් රජයේ බදු ප්‍රතිපත්තියේ අසමානතා හේතු කර ගෙන දේශීය සීනි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දැඩි අභියෝගයන්ට මේ කර්මාන්තය මුහුණ දී ඇති නිසා දේශීය සීනි නිෂ්පාදනයේ වත්මන් තත්ත්වය ආනයන බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් රජයෙන් විමසා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මෙරට සීනී කර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.*ලංකා සීනි සමාගමට අයත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සීනි කර්මාන්තශාලා ගණන, ඒ ඒ එක් එක් කර්මාන්තශාලාවලින් වාර්ෂිකව සිදු කරන නිෂ්පාදන ප්‍රමාණය සහ එම නිෂ්පාදනය මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් කොපමණ ප්‍රතිශතයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව මෙරට වාර්ෂිකව ආනයනය කරන සීනි ප්‍රමාණය සහ ආනයනය කරන සීනි කිලෝවත් මත පනවන බදු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.*දේශීය සීනි සදහා වැට් බදු ගසා ඇත්තේ ඇයි ?*දේශීයව නිෂ්පාදනය කරන සීනි කිලෝවක් සදහා පනවන බදු ප්‍රමාණයත් ආනයනික සීනි වැට් බදුවලින් නිදහස් කිරිමටත් දේශීය නිෂ්පාදනය කරන සීනි සදහා වැට් බදු පැනවීමටත් බලපෑ හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් ආනයනික සීනි කිලෝවක් සදහා රුපියල් 50ක් අය කළත් දේශීය නිෂ්පාදනවලට 18%ක වැට් එකක් පනවා ඇති නිසා නිෂ්පාදන පිරිවැය රු. 237ක් වුවත් වෙළෙදපොළට ලබා දෙන්නේ රු. 175කට බවත් එය ලොකු අලාභයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.*පාඩු ලබන සීනි සමාගම් දියුණු කරන්න රජයට ඇති පියවර කවරේද?*ලංකා සීනි සමාගමට අයත් සීනි කර්මාන්තශාලා දැනට පාඩු ලබන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ලැබී ඇති තොරතුරු අනුව ගල්ඔය රු. බිලියන 17ක්, ඇතිමලේ බිලියන 7ක්, පැල්වත්ත බි.10ක්, සෙවනගල නැවත ප්‍රතිනිර්මාණය කළ යුතු බවත් මේ පාඩු සම්බන්ධ රජය සතු දත්ත ඉදිරිපත් කරන ලෙසත් මේ කර්මාන්තශාලා ලාභ ලබන ආයතන බවට පත් කිරිමට ඇති වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*මේවා ඌව වෙල්ලස්ස ජනතාවගේ ජීවිතයට සම්බන්ධ කරුණු*සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන එතනෝල් අලෙවියෙන් පාඩු ලැබීමට හේතු මෙන්ම එම පාඩු ලැබීම අලෙවි කිරීමට ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් අද ලීටරයකට රු. 450ත් 475ත් මුදලක් ගියත් නිෂ්පාදන පිරිවැය රු. 628-750ත් බවත් එම නිසා අවම මිල රු 800ක් විය යුතු බවත් ගිය වසරේ රු 1500ක මුදලක් ලැබුණු බවත් එතනෝල් ප්‍රවර්ධනය නොකළත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙය වැදගත් බවත් මෙය ඌව වෙල්ලස්ස ජනතාවගේ ජන ජීවිතයට සම්බන්ධ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.එමෙන් ම ලාභායෙන් 30%ක් සීනිවල බදුගන්නා බවත් එතනෝල්වල ලාභායෙන් 45%ක් බදු ගන්නා බවත් ඊට අමතරව මොලෑස් මෙට්‍රික් ටොන් එකකින් රු. 10000ක් බදු ගන්නා බවත් මේ නිසා අවසානයේ පීඩාවට පත් වන්නේ ගොවි ජනතාව බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.https://youtu.be/lHJ_p7zAwVM?si=IohZ3dkh8JbiamTm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img