Thursday, April 16, 2026
HomeNEWSපො‍සොන් පුර පසළොස්වක පොහොය අදයි.

පො‍සොන් පුර පසළොස්වක පොහොය අදයි.

මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදට (10) යෙදී තිබේ.මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණි.අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකය.බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img