Thursday, April 16, 2026
HomeNEWSඉන්දීය ගුවන් අනතුරෙන් එක් මගියෙකුගේ පමණක් දිවි බේරෙයි.

ඉන්දීය ගුවන් අනතුරෙන් එක් මගියෙකුගේ පමණක් දිවි බේරෙයි.

මගීන් 200කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවය.කෙසේ නමුත් අදාළ ගුවන් යානයේ 11A ආසනයේ සිටි මගියා මේ වනවිට දිවි බේරාගෙන තිබේ.මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ ඉන්දීය සම්බවයක් ඇති විශ්වාෂ් නම් 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ය. ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබේ.විශ්වාෂ්, සිය සහෝදරයා වන සමග නැවත එක්සත් රාජධානිය වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණපා ඇත.මේ වනවිට ඔහු අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියි. “ගුවන් ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා. ඒ සමග යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදුවුණා” දිවි බේරාගත් විශ්වාෂ් පවසයි. කෙසේ නමුත් ඔහුගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img