Friday, September 4, 2026
HomeNEWSඇමෙරිකාවේ මන්ත්‍රීවරියක් සහ ඇයගේ සැමියා වෙඩි තබා ඝාතනය කෙරේ.

ඇමෙරිකාවේ මන්ත්‍රීවරියක් සහ ඇයගේ සැමියා වෙඩි තබා ඝාතනය කෙරේ.

අමෙරිකාවේ ප්‍රාන්ත මන්ත්‍රීවරියක සහ ඇයගේ සැමියා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මෙලෙස ඝාතනය කර ඇත්තේ මිනසෝටා මන්ත්‍රී මණ්ඩලයේ ඉහළම මන්ත්‍රීවරියක වූ මිනසෝටා ප්‍රාන්ත නියෝජිත මෙලීසා හෝට්මන් සහ ඇගේ සැමියා ය.එමෙන්ම මිනසෝටා ප්‍රාන්ත සෙනෙට් සභික ජෝන් හොෆ්මන් සහ ඔහුගේ බිරිඳට එම පුද්ගලයා විසින් වෙඩි තබා ඇතැයිද ඔවුන් බරපතළ තුවාල සහිතව මේ වන විට රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ.වෙඩික්කරු පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් ලාංඡනය සහ නිල ඇඳුමක් භාවිත කරමින් පොලිස් මෝටර් රථයක් මෙන් පෙනෙන මෝටර් රථයකින් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.කෙසේ නමුත් වෙඩික්කරු වෙඩි තබා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.කෙසේ වෙතත් වෙඩි තැබීමට පැමිණි සැකකරු සොයා පොලීසිය සහ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය එක්ව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු නීතිපති පැමෙලා බොන්ඩ් පවසා ඇත්තේ වෙඩි තැබීම රාජ්‍ය නීති සම්පාදකයින් ඉලක්ක කරගත් ප්‍රහායක් ලෙස තමන් දකින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img