පාතාල නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඔහු ගුවන් යානයෙන් පැනයාමට උත්සාහ ගත් බවත් ඔහු ගුවන් යානය තුළ පාලනය කර ගැනීම සඳහා ඉන්දියාවටද ගුවන් යානය ගොඩ බැස්වීමට සිදුවූ බවත් පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තුවේ පැවති විමර්ශන කමිටුවේදී ප්‍රකාශ කළේය.දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු කමිටුවේදී සාක්ෂි දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේය. මීට අමතරව රහස් පොලිසියේ ඇතැම් නිලධාරීන්ද කරක් කටා සමග සම්බන්ධකම් පැවැත් වූ බවද ඒ මහතා සඳහන් කළේය. එක් වරක් හරක් කටා නිදිමත හැදෙන රස කැවිලි වර්ගයක් රහස් පොලිස් නිලධාරීන්ට ලබාදී ඔවුන්ට නින්ද ගිය පසු පැනයාමට උත්සාහ කළ බවත් විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුගේ මැදිහත් වීම නිසා ඵම උත්සාහය ව්‍යාර්ථ වූ බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.






















