Friday, September 4, 2026
HomeNEWSකහවත්තේදී මාංචු දමා වෙඩිතබා ඝාතනය කර ඇත්තේ මත්කුඩුවලට එරෙහිව පොලිසියට තොරතුරු දුන්...

කහවත්තේදී මාංචු දමා වෙඩිතබා ඝාතනය කර ඇත්තේ මත්කුඩුවලට එරෙහිව පොලිසියට තොරතුරු දුන් තරුණයෙක්.

පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමක් කහවත්ත ඇන්දාන ප්‍රදේශයෙන් වාර්තා විය.පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.පොලීසිය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම මත ඝාතනය සිදුකර ඇති බවය.කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රීයේ සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇත.එම අවස්ථාවේදී එහි කඩාවැදුණු පුද්ගලයෙකු පවසා ඇත්තේ, “දුවන්න එපා. අපි රත්නපුර පොලීසියෙන්. ඔහොම ඉඳපල්ලා” යනුවෙනි.එහිදී සහෝදරයන් දෙදෙනා අතරින් අයෙක් එම ස්ථානයෙන් පලාගොස් අසල වූ තේවත්තක සැඟවී තිබුණි.පසුව තවත් අයෙකු ද එම ස්ථානයට පැමිණ තරුණයන් දෙදෙනාට මාංචුවක් දමා ඔවුන් ජීප් රථයක නංවාගෙන පලාගොස් තිබේ.පොලීසිය පැවසූවේ ඔවුන් දෙදෙනා කහවත්ත ඇන්දාන, කොස්කෑල්ල නම් ප්‍රදේශයේ පාළු ස්ථානයක් වෙත රැගෙන ගොස් ජීප් රථයෙන් බස්සවා බිම දණගස්වා ඇති බවය.එහිදී තරුණයන් දෙදෙනා කෑගසීමත් සමග, පැහැරගැනීම සිදුකළ කණ්ඩායමේ අයෙකු බිමට වෙඩි තබා ඇති අතර එහිදී උණ්ඩ කැබැල්ලක් එක් තරුණයෙකුගේ පාදයකට වැදී ඇතැයිද පොලීසිය පැවසීය.පසුව අනෙක් තරුණයා “මේ පොලිසියෙන් නෙවෙයි, අපිව මරන්නයි යන්නේ” යනුවෙන් කෑ ගැසීමත් සමග පිරිස ඔහුගේ ගෙල ප්‍රදේශයට වෙඩි තබා ඔවුන් පැමිණි ජීප් රථයෙන් පලාගොස් තිබේ.තුවාල ලැබූ තරුණයාගේ කෑගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පැමිණ මාංචුව කඩා ඔහුව රෝහල්ගත කර තිබූ අතර ගෙලට වෙඩි වැදුණු තරුණයා ඒ වනවිටත් මියගොස් ඇත.එලෙස ඝාතනයට ලක්වුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමැත්තෙකි.මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයට ලක්වූ තරුණයා හා ඔහුගේ සහෝදරයා ඔවුන් පදිංචි ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග ඉකුත් අප්‍රේල් මාසයේදී ගැටුමක් ඇතිකරගෙන ඇති බවය.ඒ අදාළ පුද්ගලයා සිදුකරන බව කියන ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකට මෙම සහෝදරයින් දෙදෙනා විරෝධය පළකිරීම හේතුවෙනි.එම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අමිත් නැමැත්තාගේ ඥාතියෙක් වන අතර ඒ අනුව මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් සිදුවී ඇතැයි පොලීසිය සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img