Thursday, April 16, 2026
HomeNEWSකඳානේ වෙඩිතැබීමක්.. පුද්ගලයෙකු මරුට හිටපු ඇමති මංගලගේ ලේකම්ට තුවාල.

කඳානේ වෙඩිතැබීමක්.. පුද්ගලයෙකු මරුට හිටපු ඇමති මංගලගේ ලේකම්ට තුවාල.

කඳාන පොලිසිය ඉදිරිපිටදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.කඳාන පොලිසිය ඉදිරිපිටදී අද (03) උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී-56 ගිනිඅවියක් වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති බව පොලීසිය පැවසුවේය.වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.එහිදී එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ‍.පොලීසියේ පැවසුවේ, මෝටර් රථයේ ගමන් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර හෙවත් ‘වැලි සමීර’ නැමැත්තා වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවය.ඔහුට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවූවද තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කළේය.වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූ පුද්ගලයා උපාලි අමුණුවිල නැමැත්තෙක් වන අතර ඔහු සමීර මනහර නැමැත්තාගේ මස්සිනා බව වාර්තා වේ.ඔවුන් දෙදෙනා කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් නැවත සිය නිවසට යමින් සිටින අතුරදී එනම් ඔවුන්ගේ නිවසට මීටර 500ක් පමණ දුරකදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේය.වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img