Saturday, May 23, 2026
HomeNEWS18% ඩිජිටල් බද්දෙන් භාණ්ඩ රැසක මිල ඉහළ යෑමට හැකි බව තුෂාර ඉඳුනිල්...

18% ඩිජිටල් බද්දෙන් භාණ්ඩ රැසක මිල ඉහළ යෑමට හැකි බව තුෂාර ඉඳුනිල් පෙන්වා දෙයි.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (09) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,‘‘ රටේ ජනතාවගෙන් අයකරන අධික බදු ජනතාවට දැරිය නොහැකි බව , අධික බදු හේතුවෙන් ජනතාවට ජිවත් වීමට නොහැකි බව , බලය ලබාගැනිම පෙර අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ වගේම රටේ ජනතාව මත පටවා තිබෙන අධික බදු බර අවම කරන බව මැතිවරණ වේදිකාවලදී අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ජාතික ජනබලවේගයේ පිරිස් ප්‍රකාශ කළා. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩවල බර දැනෙන ආකාරයට අඩු කරන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. ඒ වගේම පාසල් උපකරණවල බදු අඩු කරන බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ වගේම සහල් මාෆියාව රටෙන් නැති කර දමන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වනවිට සහල් පිටරටින් ගෙන්විම කටයුතු කර තිබෙනවා. ඒ වගේම සහල් ආනයනයේදී රුපියල් 50 ක බද්දක් ද අයකිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව බලයට පත් කරන්න ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සමයේදී ජාතික ජනබලවේගය බලයට ගෙන ඒම සඳහා රටේ තරුණ පරපුර ඩිජිටල් වේදිකාව තුළ විශාල වැඩ කොටසක් සිදුකළා. ඒ වගේම මාර්ගගත ක්‍රම හරහා විශාල පිරිසකට ආමන්ත්‍රණය කිරීමට හැකි සමාජ ක්‍රියාකාරින් අනුර දිසානායක ජනාධිපතිවරයා බලයට ගෙන ඒමටත් , ආණ්ඩුව බලයට පත් කිරීමටත් විශාල කාර්යයක් ඉටු කරනු ලැබුවා. ඒ වගේම මාර්ගගත ක්‍රම හරහා අඩුම ඉදලට ගෙන්වා ගැනීමට තිබෙන බඩු භාණ්ඩ සඳහා සියයට 18 බදු අය කිරීම නිසා එම භාණ්ඩවල මිල ඉහළ සාමාන්‍ය වෙළඳපොලේ තිබෙන භාණ්ඩවලට වඩා මිල ඉහළ යාමට හැකියාව තිබෙනවා. මාර්ගග ක්‍රම ඔස්සේ ගෙන්වන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයා මාර්ගගත ක්‍රම හරහා භාණ්ඩ මිලදී ගැනීමෙන් වැළකී සිටිමේ සම්භාවිතායක් තිබෙනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය බලයට ගෙන ඒමට කටයුතු කළ තරුණ තරුණියන් ඇතුළු ඩිජිටල් අවකාශය තුළ සැරිසරන සියලුම දෙනාට , ඒ වගේම මාර්ගගත ක්‍රම හරහා කුඩා ව්‍යාපාර සිදුකළ පිරිස විශාල අපහසුතාවයකට මේ හරහා පත් වෙනවා. ඒ වගේම තරුණ තරුණියන්ට අවශ්‍ය ඩිජිටල් පහසුකම් ලබා දෙන අනුර දිසානායක මහතා බලය මිට මොලවා ගැනීමට පෙර ප්‍රකාශ කළා. ඒ වගේම විශේෂයෙන් මෙම ඩිජිටල් බද්ද හරහා අපහසුතාවයට පත්වන්නේ විදේශ රටවලින් මාර්ගගත ක්‍රම හරහා භාණ්ඩ ගෙන්වා අලෙවි කරන පිරිස් පමණක් නෙවෙයි. සමාජ මාධ්‍ය හරහා විවිධ දේවල් සිදු කරන බොහෝ දෙනෙක්ට මෙම වැට් බද්ධ හරහා අපහසුතාවයට පත්වෙනවා. ඒ වගේම දේශිය දේවල් ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වී සිටින පිරිස් වලටද නව ඩිජිටල් බද්ද හරහා බරපතල පහරක් වදිනවා. ඒ වගේම බදු ආදායම් හරහා භාණ්ඩාගාරය පුරවා ගැනීමට ආණ්ඩුව දරන උත්සාහයේ බර පැටවෙන්නේ රටේ අහිංසක ජනතාවට සහ මාර්ගගත ක්‍රම හරහා කුඩා ව්‍යාපාර කරන පිරිසටයි. ඒ වගේම මාර්ගගත ක්‍රම හරහා වාහනයක් වෙන් කරගැනිමේදී , හෝටල් කාමරයක් වෙන් කරවා ගැනිමේදී , වැනි අන්තර්ජාලය හරහා සිදුකරන සියලු ගනුදෙනු වලට මෙම ඩිජිටල් බද්ද ඇතුළත් වෙනවා. ඒ වගේම රටේ ජනතාවට ඉක්මනින් ඩිජිටල් වෙන්න කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් ඉක්මනින් රටේ ජනතාවට ඩිජිටල් වෙන ලෙස ප්‍රකාශ කරන්නේ ඩිජිටල්කරණය හරහා ආණ්ඩුව විශාල බදු මුදලක් එකතු කරගැනිමටයි. ඒ වගේම ආණ්ඩුව බදු වැඩි කරන්න කටයුතු කරනවා. නමුත් බදු වැඩි කිරීමට සාපෙක්ෂව රටේ ජනතාවට ඒ හරහා කිසිදු සුභසාධනයක් සිදුවන්නේ නෑ. ඒ වගේම ජාතික ජනබලවේගය බලය ලබාගෙන මාස 9 ක් පමණ වෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ රටේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් , අධ්‍යාපන පහසුකම් , ප්‍රවාහන පහසුකම් , මාර්ග පහසුකම් , රැකියා පහසුකම් වැනි කිසිදු ක්ශේෂත්‍රයක වැඩි දියුණුවක් සිදුවෙලා නෑ. කෙසේ නමුත් ආණ්ඩුය අය කර ගන්නා ආකාරයට වැය වන ක්‍රමය තුළ පුද්ගලය සුභසාධනයක් සිදු වී නැති බව පැහැදිලියි. ඒ වගේ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔවුන්ට ලැබෙන වැටුපෙන් සහ වෙනත් දීමනා වලින් ජනතාව වෙනුවෙන් යම් සේවයක් ඉටුකරනු ලබනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගයේ සිටින මන්ත්‍රිවරුන්ගේ වැටුප පැලැවත්ත කාර්යාලයට. ඒ අනුව පැලවත්ත කාර්යාලයේ ගිණුමට සෑම මාසයකම රුපියල් පන් කොටි විසිහතර ලක්ෂ හැත්තෑ දහසක මුදලක් බැර වෙනවා. කෙසේ නමුත් පක්ෂයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කොල්ල කා ගැනිමක් සිදුවෙනවා. කෙසේ නමුත් මේ හරහා රටට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. ඒ වගේම මහා භාණ්ඩාගාරය තුළ ඉතිරි වෙන්නෙත් නෑ. නමුත් එම පක්ෂ අරමුදලෙන් රටේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නෑ. ඒ වගේම එම මුදල් වලින් කිසිදු සමාජ සුභසාධන කටයුත්තක් සිදුවෙලා නෑ. ඒ වගේම එම මුදලට සිදුවෙන වෙන දේ පිළිබඳව රටේ ජනතාව දැන ගත යුතුයි. ඒ වගේම ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ගේ වැටුප පක්ෂ කාර්යාලයට බැර වුණාට පසුව එම මන්ත්‍රිවරු ජිවත් වන්නේ කෙසේදැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. කෙසේ නමුත් රජය වෙනුවෙන් සේවය කරන මහජන නියෝජිතයෙක් යම් කිසි කෙනෙකු ලබාදෙන දේවල් වලින් යැපෙනවානම් ඔහු සිදු කරන්නේ අල්ලස් ගැනීමක්. ඒ වගේම ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරුන් ජිවත් වන්නේ අනුන්ගෙන් ඉල්ලගෙන නම් එය සදාචාරාත්මකව වැරදි දෙයක්. ඒ වගේම ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු අල්ලස් හරහා ජිවත් වන්නේ කෙසේද ඔවුන්ට අල්ලස් ගැනිම සාධාරණීකරණය වන්නේ කෙසේද කියන කාරණය අපි දැන ගන්න කැමැතියි. ඒ වගේම ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරු වැටුප් නොගෙන ජිවත් වන්නේ කෙසේදැයි සොයා බලන්නැයි අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතුයි. ඒ වගේම පැලවත්ත කාර්යාලයට එකතු වන කෝටි 5 මුදලට වෙන දේවල් දැන ගත යුතුයි. කෙසේ නමුත් පක්ෂයක් විසින් අවසානයේ රටක් මංකොලේල කාලා තිබෙනවා. ඒ වගේම ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් පිළිබඳව තවම ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ වගේම බහලුම් හොර රහසේ පිටකිරීමේ ප්‍රශ්නය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සමගි ජනබලවේගයේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා. කෙසේ නමුත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේ සම්පුර්ණ වාර්තාව නොවන බවත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා. එසේ නම් ඒ වාර්තාව වහාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙන අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම යහයහපාල ආණ්ඩුව කාලයේදී ඕනෑම දෙයක තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත හදුන්වා දෙනු ලැබුවා. ඒ සඳහා වන අයිතිය යහයහපාල ආණ්ඩුව ඇති කළා. ඒ වගේම තොරතුරු පනත හරහා ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් වල තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලුවත් විනිවිදභාවය ගැන කතා කළ ජාතික ජනබලවේගයේ පිරිස ඒවා ලබාදිමට කටයුතු කරන්නේ නෑ. ඒ වගේම ජනාධිපති මාධ්‍යය ඒකකයේ සිටින නිලධාරින්ගේ නම් හෙළි කරන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ පුද්ගලයෙක් තොරතුරු ඉල්ලා තිබුණා. නමුත් එම තොරතුරු ලබාදීමට තවම කටයුතු කරලා නෑ. ඒ වගේම එම තොරුතුරු හෙළි කිරිමට නොහැකි බව ප්‍රකාශ කරලා තිබෙනවා. කෙසේ නමුත් රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වී ගොස් තිබෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ සිටින්නේ උද්දච්ච පිරිසක්. ඒ වගේම වර්තමාන ආණ්ඩුවට විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව නැහැ. ඒ වගේම ඇමරිකාව පනවපු බදු සඳහා රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත්වී ඒ සඳහා ප්‍රශස්ථ විසදුමක් ලබාගැනිමේ තත්ත්වයක් පෙනෙන්නට නැහැ. ඒ වගේම ඇමරිකානු බදු ප්‍රශ්නය නිසියාකාරව කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට හැකියාවක් නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව මෙම ප්‍රශ්නයට සෘජු මැදිහත්වීමක් සිදු නොකරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා රටවල් ගණනාවක සංචාරවල නිරත වුණා. නමුත් රටට කිසිදු ආයෝජනයක් ගෙන ඒමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත්විමේ දී තිබිය යුතු පෞරුෂය , භාෂා ඥාණය , ප්‍රායෝගික විඥාණය ආණ්ඩුවට නැහැ. ඒ වගේම ඇමරිකාවෙන් පනවපු තීරු බදු ප්‍රතිපත්තිය කුමක්ද ? ඒ හරහා රටට සිදුවන හානියක කුමක්ද ? ඇමරිකානු බදු නිසා ලැබෙන වාසි අවාසි වැනි දේවල් පිළිබඳව ආණ්ඩුව නොදන්නා නිසා ඇමරිකන් බදු අර්බුදයට රජයේ බය නැහැ. ඒ වගේම නිර්ව්‍යාජව කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාටත් වර්තමාන ආණ්ඩුව යම් චෝදනාවක් එල්ල කරමින් අපකිර්තියට පත් කරන්න උත්සහ කරනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා හිතවතුන්ගෙන් , ධානපතියන්ගෙන් ලැබුණ මුදල් පක්ෂ අරමුදලකට යෙදෙව්වේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයාට ලැබෙන මුදල් සියල්ල යෙදෙව්වේ සමාජයේ සුබ සිද්ධිය සඳහායි. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කරන කාල සිමාවේදී විශාල වැඩ කොටසක් යහපාලන ආණ්ඩුව කාලයේ සිදුකළා. ඔහු නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී කඩිසරව කටයුතු කළා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා ඇමැති ධූරය දරන කාල සීමාව තුළ ඉතා වේගයෙන් සුවිශේෂී වැඩ කොටසක් සිදුකළා. ඒ වගේම ඔහු රජයේ දේපළ මංකොල්ල කාපු පුද්ගලයෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහතා මහජන මුදල් මංකොල්ල කාපු දේශපාලඥයෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යාංශයේ සියලුම නිලධාරින් එකතු කරගෙන , ලැබෙන ප්‍රතිපාදන සියල්ල සමාජ සුභසිද්ධිය සඳහා යෙදවීමට කටයුතු කළා. ඒ වගේම වැඩ ප්‍රමාද කිරීම් , ජනතාව අපහසුතාවයට පත් කිරීම් සිදුකළේ නෑ.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img