Wednesday, August 26, 2026
HomeNEWSපාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් දැන සිටි බව මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කියයි.

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් දැන සිටි බව මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී කියයි.

2019 අප්‍රේල් 20 වැනිදා පාස්කු ඉරිදා බෝම්බකරු වූ අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් ටාජ් සමුද්‍ර හෝටලයට ඇතුළු වී මිනිත්තු කිහිපයක් ඇතුළත හෝටලය විසින් රාජ්‍ය බුද්ධි සේවය වෙත විද්‍යුත් තැපෑලක් මඟින් දැනුම් දී ඇති බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල පැවසීය.බෝම්බ ප්‍රහාරයට පෙර දින මෙය සිදුව ඇති බව කී අමාත්‍යවරයා මෙලෙස දැනුම් දීමක් ලැබී තිබුණද ජමීල් ආරක්‍ෂක නිරීක්ෂණ ලැයිස්තුවේ සිටියද රාජ්‍ය බුද්ධි සේවය එම තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපොහොසත් වී ඇති බව පැවසුවේය.පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 250කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් එක් අයෙක් වන ජමීල්, මුලින් ටාජ් සමුද්‍ර හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහුගේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඔහු වෙනත් ස්ථානයකට මාරු වී ඇති බවත් වාර්තා වේ. ඔහු මියගියේ දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ සිදුවූ පිපිරීමකිනි.මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටියදී පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් වීමකින් සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඇමතිවරයා පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img