Tuesday, August 25, 2026
HomeNEWSආර්ථික අභියෝග ජයගැනීමට උපරිම සහාය දෙන බවට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ඇමති විජිතට...

ආර්ථික අභියෝග ජයගැනීමට උපරිම සහාය දෙන බවට මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ඇමති විජිතට සහතික වෙයි.

ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝග ජයගැනීම සඳහා මැලේසියාවේ උපරිම සහාය හිමිවන බව මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි. මැලේසියානු අග්‍රාමාතවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර පැවති සාකච්ඡාවේදී මැලේසියානු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව විජිත හේරත් අමාත්‍යවරයා සිය x ගිණුමේ දක්වා ඇත. එම x ගිණුම පහත දැක්වේ.මැලේසියානු අගමැති ගරු දාතෝ සේරි අන්වර් බින් ඉබ්‍රාහිම් මහතා අගමැති කාර්යාලයේ දී අද (10) හමුවීමට ලැබීම ගෞරවයක්. මෙම හමුව සිදු වූයේ ය 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට මා මැලේසියාවේ නිරත සංචාරය අතරතුර දී ය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර දිගුකාලීන පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අපි ඵලදායී සාකච්ඡාවක නිරත වූයෙමු. විශේෂයෙන් මැලේසියාවේ විවිධ අංශ ඔස්සේ ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමට සලකා බලන ලෙස අගමැතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටීමට ද මම මෙය අවස්ථාවක් කර ගතිමි. ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රත්වය වඩාත් ශක්තිමත්ව තහුවරු කිරීමට ද අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා බලාපොරොත්තු වන බව මෙහි දී පෙන්වා දුන්නේ ය. ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන සෑම ධනාත්මක පියවරයක් සඳහාම සිය ආශිර්වාදය හිමි වන බවත් ඔහු අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පේරාදෙණිය සරසවිය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකට

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නැවත වරක් ජාත්‍යන්තර වශයෙන් සිය අධ්‍යයන හා පර්යේෂණ විශිෂ්ටත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල...

ත්‍රිරෝද රථ පැදවීමේ අවම වයස අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට සැලසුම්

ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ...

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්

අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් ප්‍රකාශ කර...

තැන තැන සිදුවන මාරක අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (23)  එම අනතුරු සිදුව තිබුණේ උහන, නුවරඑළිය, වීරඹුගෙදර සහ හබරාදූව යන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img