Monday, August 24, 2026
HomeNEWSපාකිස්තානයේ නියෝජ්‍ය අගමැති හා විදේශ ඇමති, ඇමති විජිත හමුවෙයි.

පාකිස්තානයේ නියෝජ්‍ය අගමැති හා විදේශ ඇමති, ඇමති විජිත හමුවෙයි.

ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ විදේශ අමාත්‍යවරුන් අතර මැලේසියාවේ දී ද්විපාර්ශ්වික හමුවවිදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ක්වාලාලම්පූර්හි පැවැත්වෙන 58 වන ආසියාන් කලාපීය සංසදයේ අමාත්‍ය රැස්වීමට සහභාගී වීමට සමගාමීව, පකිස්ථානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය සෙනෙට් සභික මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා සමඟ ද්විපාර්ශ්වික හමුවක් පසුගිය දා පැවැත්වීය.ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවත්නා දිගුකාලීන හා ශක්තිමත් සබඳතා පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා ප්‍රසාදය පළ කළහ. ඉහළ මට්ටමේ හුවමාරු සහයෝගීතාව, ආර්ථික සහයෝගීතාව, ආගමික සංචාරක සහ අධ්‍යාපනික හවුල්කාරිත්වයන් ඇතුළු පුළුල් පරාසයක සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය කරුණු පිළිබඳව ද අමාත්‍යවරු දෙදෙනා අදහස් හුවමාරු කර ගත්හ.මෙම හමුව දෙරට අතර ඓතිහාසික හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි දෙරටේ උනන්දුව නැවත තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img