Friday, May 22, 2026
HomeNEWSනීති විරෝධීව ආනයනය කරන ලද යතුරු පැදි තොගයක් හම්බන්තොට කුරලු උයනින්...

නීති විරෝධීව ආනයනය කරන ලද යතුරු පැදි තොගයක් හම්බන්තොට කුරලු උයනින් සොයා ගැනේ

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 21ක් පොලිස් භාරයට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සමත්ව තිබේ.වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීමේ මෙයෙුමට සමගාමීව වැඩබලන පොලිස්පතිවරයාට ලද විශේෂ තොරතුරත් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.පොලීසිය පැවසුවේ මෙම එක් යතුරුපැදියක වටිනාකම රුපියල් කෝටි එකහමාරකට වඩා වටිනාකමින් යුතු බවයි.එමෙන්ම මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් සමග මෙම සත්ත්ව ගොවිපොළේ කළමනාකරු හා ගබඩා පාලකද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 50 වයස්වල පසුවන මාතර හා මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img