Monday, August 24, 2026
HomeNEWSආර්ථිකය ශක්තිමත් කිරීමට උපරිම සහය ලබා දෙන බවට චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඇමති...

ආර්ථිකය ශක්තිමත් කිරීමට උපරිම සහය ලබා දෙන බවට චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඇමති විජිතට සහතිකයක්

ශ්‍රී ලංකාව සහ චීනය උපායමාර්ගික සහයෝගීතාව තර කරගැනීමට එකඟතා2025 ජූලි 13මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ දී සිදු විය.විදේශ අමාත්‍යවරු දෙදෙනා අතර පැවති මෙම හමුවේ දී, ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී චීනය දක්වන සහයෝගය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දක්වන සහාය සහ මෑත කාලීන ආර්ථික අභියෝගවලදී චීනය ලබා දුන් සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කෘතවේදය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව ද අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේය. චීනයේ එක් තීරයක් එක් මාවතක් ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ උනන්දුව නැවත තහවුරු කළ අමාත්‍යතුමා වෙළඳාම, ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමුද්‍රීය කටයුතු වැනි ප්‍රධාන අංශ හරහා සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ සූදානම ද දැන්වූවේ ය.දෙරටේ නායකයින් අතර පැවති සාර්ථක සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින්, එකඟවන පොදු දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව ද අමාත්‍යතුමා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට උපායමාර්ගික වටිනාකමක් ඇති කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළුව, එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීම යටතේ අඛණ්ඩ සහයෝගීතාවන් වේගවත් කිරීමේ වැදගත්කම ද අමාත්‍යතුමා අවධාරණය කළේය.පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ සමුද්‍ර අංශය වැනි නවීන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ. චීනයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අමාත්‍ය හේරත් හේරත් මහතා, ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය දෙරටටම සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ගෙන එනු ඇතැයි විශ්වාසය පළ කළේය.අන්‍යෝන්‍ය ගෞරවය, ස්වෛරීභාවය සහ සාමකාමී කලාපීය සංවර්ධනය සඳහා කැපවීම මත පදනම් වූ ශක්තිමත්, දිගුකාලීන ද්විපාර්ශවීය හවුල්කාරිත්වයක් සඳහා එකඟතාව අමාත්‍යවරුන් දෙදෙනාම පළ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලබන වසරේ සිට ඇරඹෙන විදුලි දුම්රිය

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන...

22 සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්නැයි ITAK ඉල්ලයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ඉලංකෛ තමිළ් අරසු කච්චි අවධාරණය කරයි. පසුගියදා පැවැති එම පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී...

25වැනිදායින් පසු කාලගුණයේ වෙනසක්

එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ...

ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය ඇමතිවරුන් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්- දිනන දකුණ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img