ජූලි 11 රාත්‍රී කාලයේ ගණේමුල්ල, අමුණුගොඩ, පැරකුම් මාවතේ පිහිටි නිවසකට යතුරුපැදියකින් පැමිණි පිරිසක් වෙඩි තබා තිබේ.මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි.සිද්ධිය අනාවරණය වී ඇත්තේ අද (ජූලි 13) දින නිවසේ පිටුපස ගේට්ටුව අසල තිබී හිස් උණ්ඩ කොපු කිහිපයක් නිවැසියන් විසින් සොයා ගැනීමත් සමඟය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.






















