Saturday, August 22, 2026
HomeNEWSබේරුවල බලය පිහිටුවීමෙන් අනතුරුව විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් රනිල්ට දොස්

බේරුවල බලය පිහිටුවීමෙන් අනතුරුව විපක්ෂයේ පක්ෂ නායකයින්ගෙන් රනිල්ට දොස්

ආණ්ඩු පක්ෂයට බහුතරය නැති පළාත් පාලන ආයතන වල බලය අල්ලා ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම විරෝධතාවයක් එල්ල කර තිබේ.ඊට හේතු වී ඇත්තේ බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේදී මාලිමාව සමඟ සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ක්‍රියා කිරීමය.මේ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ එකතු කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිසා තම පක්ෂද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවය.බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේ දී ඡන්ද තුනක් තිබූ ජාතික ජන බලවේගයට සභාපති ධුරයත් ඡන්ද හයක් තිබූ සමගි ජන බලවේගයට උප සභාපති ධුරයත් පිරිනැමීම එම පක්ෂ දෙක අතර කිසියම් අවබෝධතාවයක ප්‍රතිඵලයක් බවට පක්ෂ නායකයන් කරුණු දක්වා ඇත.මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කැබිනට් අනු කාරක සභාවක් පත් කිරීමෙන් පසුව සමගි ජන බලවේගය මාලිමා ආණ්ඩුවට හොඳටම හීලෑ වී ඇතැයිද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහතාට කෙලින්ම ප්‍රකාශ කර තිබේ.මේ පසුබිම යටතේ පළාත් පාලන ආයතන වල බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර නිෂ්ඵල තත්ත්වයට පත්ව ඇතැයි ද විපක්ෂයේ පක්ෂ නායකයෝ තවදුරටත් චෝදනා කර සිටිති.ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින වලදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කරුණු සාකච්ඡා කිරීමට අදහස් කර සිටී.සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හරියට ආණ්ඩුවේ කොටසක් හැටියට බව පෙනෙන්නේ යැයි ද විපක්ෂයේ පක්ෂ නායකයන් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img