Friday, May 22, 2026
HomeNEWSකන්ටේනර් 323 ගැන සිහිකැඳවමින් ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට ලිපියක්

කන්ටේනර් 323 ගැන සිහිකැඳවමින් ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසමට ලිපියක්

*රේගුව විසින් නිසි පරික්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් අල්ලස් කොමිසමට ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් යළි සිහිපත් කිරීමේ ලිපියක් අද දින (2025.07.17) එම කොමිසමට භාර දීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.අද අපි අල්ලස් කොමිසමට ආවේ අරමුණු දෙකකට. කන්ටේනර් 323 ක් නිදහස් කිරීමේ මහා වංචාව පිළිබඳව අප පක්ෂය වෙනුවෙන් පක්ෂයේ සංස්කෘතික ලේකම් ශිරන්ත ජයලත් මහතා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා ජූනි 02 දා. මාස එකහමාරක් ගත වී තිබුණත් කිසිම ප්‍රගතියක් අප ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් දැක්කේ නෑ. බිමල් රත්නායක අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු මේ වංචාවට ඍජුවම වගකිව යුතුයි කියලා අපි මේ පැමිණිල්ලේ දී සාක්ෂි සහිතවම පෙන්වා දුන්නා. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව ප්‍රකාශ කරලා තියෙනවා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ නියෝගය මත තමන් කටයුතු කළා කියලා. නමුත් බිමල් රත්නායක අමාත්‍යවරයාට එවැනි නියෝගයක් ලබා දෙන්න නීතිමය බලයක් නෑ. අල්ලස් කොමිසම මේ දවස් වල ඉතාම කාර්යබහුලව දූෂකයන් අල්ලන්න, පරණ හොරුන් අල්ලන්න කටයුතු කරගෙන යන නිසා අලුත් හොරු අල්ලන එක අමතක වෙලා වගේ අපිට පේනවා. ඉතිං අපි හිතුවා අපේ වගකීමක් කියලා අල්ලස් කොමිසමට අපේ පැමිණිල්ල යළි සිහිපත් කරන එක. ලක්ෂ පහළොවකට සුබ පැතීමේ දැන්වීමක් පුවත්පතකින් පළ කිරීමට වඩා, කැරම් බෝඩ් බෙදනවට වඩා, බඩ ඉරිඟු කරලක් බෙදනවාට වඩා මේ බහාලුම් 323 ක දැවැන්ත වංචාව රටට භයානකයි. බඩඉරිඟු බෙදලා, කැරම්බෝඩ් බෙදලා, දැන්වීම් දාලා විනාශවන මහජන මුදලට වඩා වැඩි මුදලක් මේ කන්ටේනර් 323 නේ ප්‍රකාශිත භාණ්ඩවලට වඩා වැඩි වටිනාකම් සහිත භාණ්ඩ තිබුණා නම් රජයට අහිමි වෙනවා. ඒවාගේම රේගු නිලධාරින් සැක පහළ කරන විදිහට මේවායේ අවි සහ මත්ද්‍රව්‍ය තිබුණා නම් ජාතික ආරක්ෂාවට මහජන ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වෙනවා.ඒ නිසා අපි අල්ලස් කොමිසමට කියනවා තමන්ට නිලධාරීන්ගේ, සම්පත්වල හිඟයක් තියෙනවා නම් පුංචි පුංචි පැමිණිලි වල විමර්ශන කටයුතු තාවකාලිකව නවතා හරි ජාතියේ මහා වංචාව වූ මෙම බහාළුන් තුන්සිය විසිතුණේ වංචාව පිළිබඳව සොයන්න කොමිසම සතුව තියෙන සම්පත් පාවිච්චි කරන්න කියලා. ඉස්සර නම් මුක්තිය හිමිවුණේ ජනාධිපතිවරයාට. මේ ආණ්ඩුව මාලිමාවට ගෑවුණු කෙනෙක්වත් අත්අඩංගුවට නොගන්නා අමුතු මුක්තියක් දීලා තියෙනව. දැන් අර කොටහේනේ පාසැල් දැරිවිය සියදිවි හානි කර ගන්නා තත්ත්වයට පෙළඹවීම සම්බන්ධයෙන් සැකකරුවා පාර්ලිමේන්තු ඡන්දයේ දී මාලිමා අපේක්ෂකයෙකු නිසාම, උතුරු කොළඹ මාලිමා සංවිධායක වූ නිසාම අත්අඩංගුවට ගන්නවා වෙනුවට පොලිසිය ඔහුගේ නිවසටත් ආරක්‍ෂාව ලබා දුන්නා. ඉංග්‍රීසි ආණ්ඩුව කාලෙ ඉඳන්ම පොලිස් කෝලම කියල එකක් තිබ්බා. නව ආණ්ඩුවක් ආවහම විපක්ෂයේ ඉන්න දේශපාලකයන් අත්අඩංගුවට ගැනීම අලුත් දෙයක් නෙමෙයි. අවුරුදු පනස් පහක් පරණ දෙයක්. ගෝඨාභය ජනාධිපතිවරයාගේ ජනාධිපති සටනේ අනුරාධපුරයට නායකත්වය ලබා දුන් එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ බිරිඳ සහ සොහොයුරාට අල්ලස් කොමිසම නඩු පවරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළමයි. මේක තවත් ඉස්සරහට ගිහිල්ල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලේ දී ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් අමාත්‍යවරයෙකු අත්අඩංගුවට පත්වෙනවා. ඔබට ගෝඨාභය රනිල් ජනාධිපතිවරුන් අභිබවා යාමට බැයි නං මේ ආණ්ඩුවේ සිටින හොරුන් අත්අඩංගුවට අරගෙන එ ජනාධිපතිවරුන් දෙදෙනාට සම වන්නට හෝ කටයුතු කරන්නේ යි මම ජනපති අනුර කුමාර මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සඳහන් කල යුතුයි ගල්කිස්ස උසාවියෙන් අත්අඩංගුවට ගන්න කියලා සඳහන් කරලා තියෙන දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ අමාත්‍යවරයා තාමත් නිදැල්ලේ පසු වෙනවා. බහාලුම් වංචාවට මාස හයක් ගතවේද්දී බිමල් රත්නායක අමාත්‍යවරයා තවමත් නිදැල්ලේ. ඒවගේම ජනිත් කොඩිතුවක්කු නියෝජ්‍ය අමාත්‍යවරයා ජනවාරි මාසෙ පහළොස්වැනිදා කියනවා කන්ටේනර් නිදහස් කිරීමට ඔවුන් උපදෙස් දුන් බව. ඔහුම ජනවාරි මස 24 වැනිදා කියනවා මෙම කන්ටේනර් නිදහස් කිරීමෙන් වරදක් වෙලා තියෙනවා නම් එහි වගකීම ආණ්ඩුව භාර ගන්නවා කියලා. මුදල් අමාත්‍යාංශය විසින් පත් කළ කමිටුවක් දැන් මෙහි බරපතළ වරදක් වෙලා තියෙනවා කියලා නිගමනය කරලයි තියෙන්නේ. අපි අද ඒ වාර්තාවත් අල්ලස් කොමිසමට භාර දුන්නා. ඉතින් සියලු සැකකරුවන් අත්අඩංගුවට ගනීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නයමේකත් නිලධාරීන්ගේ ඇගෙන්ම යයිද ?පිළිතුරඅපි දැක්කා සමහරු මේක නිලධාරීන් පිට දාලා බේරෙන්න හදනව. කොඩි තුවක්කු නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවා මේකට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් කරනවා කියල. ඔහුට මතක නෑ. ඔහු මුලින්ම මේ සම්බන්ධව කියපු කතාව. මේ වගේම ජනාධිපතිවරයාත් මෑතක දී කිව්වා අමාත්‍යවරයකුගේ නියෝගයක් මත තමන් වැරදි කළා නම් නිලධාරීන් ඒ බව කියලා ඔවුන්ට බේරෙන්න පුළුවන් කියලා. ඉතිං අපි නිලධාරීන්ට කියනවා ඇමතිවරු රකින්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්නැතුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත කටයුතු කරන්න කියලා.ප්‍රශ්නයජනාධිපතිතුමාණං කිව්වේ එයා ණයත් නෑ බයත් නෑ කියලපිළිතුරඑතුමා කාට නැතත් බිමල් ඇමතිතුමාට නම් බයයි කියලා පේනවා. එතුමට නම් ණයත් පාටයි බයත් පාටයි. නැත්නම් කියව කියව ඉන්නේ නැතුව ඔප්පු කරන්න කියලා අපි ජනාධිපතිතුමාට අභියෝග කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img