Friday, August 21, 2026
HomeNEWSශ්‍රී ලාංකිකයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේදී ගිනි ගනී

ශ්‍රී ලාංකිකයින් රැගත් බස් රථයක් ඊශ්‍රායලයේදී ගිනි ගනී

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර ලක්ව ඇත.අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු සිට තිබේ.බස් රථය ගිනිගැනීමත් සමග එහි දොර අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී ඇත.අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇතත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.මේ පිළිබඳව විවිධ සටහන් තබා ඇතත්, තුවාල වූ තරුණයාට තදබල අනතුරක් නොමැති බව නිමල් බණ්ඩාර මහතා පැවසීය.එමෙන්ම අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති

මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණින් පත් කළ කමිටුවේ වාර්තාව...

නාමල් FCID යට පැය 6ක ප්‍රකාශයක් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි. පැය 6ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව...

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී ජීවිතක්ෂයට පත් වූ එක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img