ඉන්දියාවේ ජනප්‍රිය නළුවෙකු වන රවීමෝහන් සහ ජනප්‍රිය ගායිකාවක වන කෙනිසා ෆැන්සිස් යන අද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය. ඔවුන් අමාත්‍යවරයා හමුවූයේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ ඒ බව මෙසේ සඳහන් කර තිබුණි.ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සමඟ හමුවක් අද උදෑසන එක් වුණා. ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කරගත් වැදගත් සාකච්ඡාවක අපි නිරත වූයෙමු. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය සහ සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද අපගේ සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නාසුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදනය වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
























