රුසියාවේ පෙරදිග කම්චැට්කා කලාපයේ වෙරළ ආසන්නයේ අද (20) පෙරවරුවේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.යුරෝ මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කර ඇති පරිදි රික්ටර් මාපකයේ 7.4ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත.භූ කම්පනය කිලෝමීටර් 20ක් ගැඹුරින් සිදුව ඇති අතර භූකම්පනය මුලින් වාර්තා වී ඇත්තේ 6.7ක් ලෙසය.භූකම්පනයෙන් පසුව එම ප්‍රදේශ ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.






















