Saturday, August 22, 2026
HomeNEWSරූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට

රූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට

මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ මහල් ගොඩනැගිල්ලක පිහිටි රූපලාවණ්‍ය ආයතනයක් තුළ සිටි පිරිසක් හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.අදාල රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර එහි සියලු දොර ජනෙල් වසා දමා වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම හදිසි තත්ත්වය උද්ගතව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.අසල වෙළඳසැලක සේවකයෙක්, රූපලාවණ්‍යාගාරයේ ඉදිරිපස සිහිය නොමැතිව වැටී සිටි තරුණියක් දැක ඇති අතර ඉන්පසු තවත් කිහිප දෙනෙක් සමග විත් දොර විවෘත කර ඇතුලට ගොස් නිරීක්ෂණය කළ අවස්ථාවේ තවත් තරුණියන් සය දෙනෙකු හා පුද්ගලයකුද එහි සිහි නොමැතිව වැටී සිටින අයුර දැක තිබේ. එම පිරිස විසින් මේ පිළිබදව පොලිසිය දැනුවත් කර ඇති අතර පසුව සිහි නොමැතිව සිටි පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මේ අතරින් සය දෙනෙකු මහනුවර ජාතික රෝහලට සහ තවත් දෙදෙනෙකු මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. මෙම තරුණියන්ගෙන් සිව් දෙනෙකු රූපලාවණ්‍යාගාරයේ සේවයේ නියුතුවූවන් බව පැවසෙන අතර අනෙකුත් පුද්ගලයෝ සේවය ලබා ගැනීම සඳහා පැමිණ සිටි අය බව සඳහන් වේ. පොලිසිය සඳහන් කළේ රූපලාවණ්‍යාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කර වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරිම හේතුවෙන් උත්පාදනය වූ විස වායු තත්ත්වයක් හේතුවෙන් මෙම පුද්ගලයන් සිහි මූර්ඡා තත්ත්වයට පත් වන්නට ඇති බවය.රෝහල්ගත කළ අයගේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img