Saturday, August 22, 2026
HomeNEWSවිපක්ෂ නායක සජිත් ජනපති අනුරගේ ගමට යයි

විපක්ෂ නායක සජිත් ජනපති අනුරගේ ගමට යයි

*රජය වමට සිග්නල් දමා දකුණට යමින් රට විනාශ කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*වත්මන් රජය මැතිවරණ වේදිකවේ වමට සිග්නල් දැම්මත් දැන් දකුණට යමින් ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමකට පැවරීමේ සැලසුම් සාකච්ඡාවකින් තොරව සිදු කරන බවත් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරනවා නම් විවෘත වී වගකීම හා වගවිය යුතු වුවත් කිසිදු සාකච්ඡා සම්මුතියකින් තොරව මෙය සිදු කරණ නිසා සැකයක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අසළදී පැවසීය.*ඊයේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ ගොවීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය*මේ ගැන පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කර ප්‍රශ්න කරණ බවත් රජයට හිතුමතේට කටයුතු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.රජය පාර්ලිමේන්තුවේ කතා කිරිමේ නිදහස නැති කළත් කරුණු කාරණා ඉදිරිපත් කරන බවත් මෙවැනි සීමා දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කර සාධනීය විසදුම් අපේක්ෂා කළත් රජය එයට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.සමගි ජන බලවේග රජයක් තුළ ගොවියාට වැදගත් උපකරණ බීජ පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය ගැන විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හැදුවත් ජනතා වරම නොලැබුණු බවත් ගොවියා රජ කරන්න බලයට ආ රජය ගොවියා විනාශ කරන බවත් බීජ මිල වැඩි මෙන්ම පොහොරවල මුදලද නොලැබෙන බවත් අවම වශයෙන් අස්වනු සදහා සහතික මිල ⁣ද නොලැබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවට ඉදිරිපත් කළ පො⁣රොන්දු කඩ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.https://youtu.be/Jx6n26kWJi4?si=7OY3iyY_L6rq3CHZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img