Friday, August 21, 2026
HomeNEWSමානුෂීය ආධාර බලාපොරොත්තුවෙන් ගාසා හි සිටි 67 දෙනෙකු ඝාතනය කෙරේ

මානුෂීය ආධාර බලාපොරොත්තුවෙන් ගාසා හි සිටි 67 දෙනෙකු ඝාතනය කෙරේ

එක්සත් ජාතීන්ගේ මානුෂිය ආධාර බලාපොරොත්තුවෙන් උතුරු ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කර ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පවසයි.එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය පවසා ඇත්තේ මානුෂිය ආධාර රැගත් රථ එම ප්‍රදේශයට ලඟා වන විට වෙඩි වැදීමට ලක්වු සිවිල් වැසියන් පිරිසක් හමුවු බවය.මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ක්ෂණිකව ඇති වු තර්ජනයක් මැඩපැවැත්වීම වෙනුවෙන් එම වෙඩි තැබීම සිදුකළ බවය.ගාසා තීරයේ ජීවත්වන දහස් ගණනක් වු සිවිල් වැසියන්ට ආහාර සපයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.ඒ අනුව ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස ගාසා හී සෞඛ්‍ය අංශ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

දළදා පෙරහැර සහ වෙනත් ආගමික කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා දීම සම්බන්ධව ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය...

මීගමුව බන්ධානාගාර ගැටුමින් මියගිය නිලධාරීන්ගේ පවුල් වෙත වන්දි මුදල් පිරිනැමේ

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි මුදල් පිරිනැමීම අද (21) බන්ධනාගාර මූලස්ථානයේදී සිදු කෙරුණි. එහිදී ජීවිතක්ෂයට පත් වූ එක්...

ප්‍රවීණ නිළියගේ සැමියා නිදි ඇ⁣ඳේම මියයයි.

හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියක් මෙන්ම ප්‍රවීණ සිනමා නිළියක වන ගීතා කුමාරසිංහ මහත්මියගේ ස්විට්සර්ලන්ත ජාතික සැමියා වන ක්‍රිස් ෆර්ඩිනන්ඩ් මහතා අභාවප්‍රාප්ත වී...

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img