Sunday, November 29, 2026
HomeNEWSපොලීසියෙන් බැලුම් පුම්බවලා මගේ වරප්‍රසාද කඩ කළා- දිලිප් පාර්ලිමේන්තුවේදී කියයි

පොලීසියෙන් බැලුම් පුම්බවලා මගේ වරප්‍රසාද කඩ කළා- දිලිප් පාර්ලිමේන්තුවේදී කියයි

තමා කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තමාට බැලුන් පුම්බන්න දුන් බවත් එහිදී තමන් මත්පැන් පානය කර සිටි බවට එම පරීක්ෂණයේදී තහවුරු නොවූ බවත් මේ හේතුවෙන් තමාගේ වරප්‍රසාද බරපතල ලෙස උල්ලංඝනය වී ඇති නිසා අදාළ පොලිස් නිලධාරීන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙස සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. පසුගිය 06 වැනි දා රාත්‍රී 11.00ට පමණ තමා බිරිඳ සහ පුතා සමග කොටුව දුම්රිය ස්ථානය අසලින් පැමිණෙමින් සිටියදී පොලිස් නිලධාරීන් රථය නවත්වා පරික්ෂා කළ බවත් තමා බීමතින් සිටින බවට පොලිසිය චෝදනා කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. තමා බීමතින් නොසිටින බවත් තමා බීමත්ව රිය පදවීම නොකරන බවත් පොලිසියට කෙතරම් පැහැදිලි කළත් ඔවුන් එය පිළිනොගත් බවත් තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හැඳුනුම්පත ඉදිරිපත් කළ ද පොලිසියට එය ගණන් නොගෙන තමාට බැලුම් පිම්බවීමට කොටුව පොලිසියට රැගෙන ගිය බවද දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.තමාට බැලුම් පිම්බ වීමේ පරීක්ෂණය සිදුකළ බවත් එහිදී තමන් බීමත්ව නොසිටින බවට පැහැදිලි වූ බවත් තමන් බීමතින් නොසිටින බව කෙතරම් ප්‍රකාශ කළද පොලිසිය එය ගණන් නොගැනීමෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන වශයෙන් තමන්ගෙන් කරන ලද පළිගැනීමක් බවත් මෙම කාරණය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසත් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් නවදිල්ලිහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවෙයි

ඉන්දියානු සාගර කලාපය සම්බන්ධයෙන් ප්‍රමුඛතම යොමු ලක්ෂ්‍යය (Point of Reference) බවට පත්වන ලෙස ශ්‍රී ලංකාව IORA සංවිධානයෙන් ඉල්ලා සිටියි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක...

අයවැය ප්‍රගතිය ගැන රජයෙන් කළ ප්‍රශ්න කිරීමට තවමත් පිළිතුරු නැහැ -විපක්ෂ නායක සජිත්

2026 අයවැය ප්‍රගතිය ගැන රජයෙන් කළ ප්‍රශ්න කිරීමට තවමත් පිළිතුරු නැහැ - වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි ස්ථාවර නියෝග...

නැගෙනහිර හෝමුස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බවල ගැටී ඉන්ධන නෞකා දෙකක් පුපුරා ගිනිගනී

ඕමානයේ කසාබ් වරාය ආසන්නයේ සහ නැගෙනහිර හෝමුස් සමුද්‍ර සන්ධියේදී මුහුදු බෝම්බවල ගැටී ඉන්ධන නෞකා දෙකක් පුපුරා ගිනිගෙන ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පවසයි;...

දිට්වාවලට අවුරුද්දයි, තවමත් දහස් ගණනක් තාවකාලික නිවාසවල- නාමල් රාජපක්ෂ

ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් පහුගිය අවුරුද්දේ වෙන් කරලා. බිලියනයයි වියදම් කරලා තියෙන්නේ.නාමල් රාජපක්ෂ ආණ්ඩුව ඉලක්කම් නම් කියනවා. හැබැයි ඉතින් ගරු සභාපතිතුමිය ප්‍රශ්නය ප්‍රායෝගිකව මේ කියන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img