Friday, August 21, 2026
HomeNEWSආණ්ඩුවේ ප්‍රබලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණ නියෝගයක්

ආණ්ඩුවේ ප්‍රබලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණ නියෝගයක්

පෞද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උදෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළාය.විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින අදාළ ආයතනයේ වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහ මහතාට බලය පැවරූ මහ සභා රැස්වීම් වාර්තා, අංක 166 සහා 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපොළ භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදි.ඒ අනුව ලබන අගෝස්තු මස 22 වනදා නැවත මෙම නඩුව කැඳවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img