Friday, May 22, 2026
HomeNEWSසංචාරක ප්‍රවර්ධනයට රටවල් 40ක් වීසා ගාස්තු වලින් නිදහස් කෙරේ -ඇමති විජිත

සංචාරක ප්‍රවර්ධනයට රටවල් 40ක් වීසා ගාස්තු වලින් නිදහස් කෙරේ -ඇමති විජිත

මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.කොළඹ අද (25) පැවැති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එළැඹෙන සඳුදා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවය. “‘Hotel Show Colombo 2025” ප්‍රදර්ශනය අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා,”පහුගිය කාලයේ රටවල් හතක් සඳහා වීසා ගාස්තු අය කිරීමෙන් තොරව සංචාරකයන්ට පැමිණෙන්න අපි අවස්ථාව ලබලා දුන්නා. එක්සත් රාජධානියත් එයට අයිති වෙන රටක්. පහුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා තවත් රටවල් හතලිහකට වීසා ගාස්තු නොමැතිව, වීසා ලබාදෙන පහසුකම් ඇති කරන්න. ඉතින් ඒ අනුව, ඒ ගැසට් නිවේදනය නිකුත් වෙන ගමන්, ලෝකයේ රටවල් හතලිස් හතකට අපි වීසා ගාස්තුවක් නොමැතිව, ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලබා දෙනවා. මේ තීන්දුව ගන්න කොට, ඩොලර් මිලියන හැට හයක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට ඇත්තටම අහිමි වෙනවා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුණත්, අපි බලාපොරොත්තු වෙනවා, සංචාරක කර්මාන්තයේ දියුණුව තුළින්, වක්‍රකාරව ඊට වඩා වැඩි ආදායමක් රටට ගන්න. ඉතින් ඒ අනුව ඒ ආදායම වැඩි කර ගැනීමේ වගකීම මේ ක්ෂේත්‍රයේ නියුතු ඔබට භාරයි” සම්පුර්ණ කතාව අපේ රට ලස්සන පුංචි දූපතක්. ඒ නිසාම සංචාරක කර්මාන්තයට ඉතාම අගනා ස්ථානයක්. අද අපි කාටත් සුභවාදී බලාපොරොත්තුවක් තියනවා. දවසින් දවස අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණුවෙන් දියුණුවට යනවා. ඉතින් අපේ බලාපොරොත්තු අපේ ඉලක්ක සම්පූර්ණ වෙන බව පේනවා. සංචාරක කර්මාන්තය මෙරටේ සියලු ක්ශේත්‍රවල ජනතාව දිරිගන්වන ශක්තිමත්කරන කර්මාන්තයක්. ඒක හොදටම පැහැදිලි වෙනවා අද මේ පැවැත්වෙන ප්‍රදර්ශනයෙන්. හෝටල් සදහා විවිධ සැපයුම්කරන සේවා සපයන අයගේ ප්‍රදර්ශනයක් තමයි අද මේ පවත්වන්නෙ. හෝටල් කර්මාන්තයෙන් ඔබ්බට ගිහිල්ලා හෝටල් ක්ශේත්‍රයට විවිධ සැපයුම් ලබාදෙන විවිධ සේවා ලබාදෙන අයගේ සංවිධානත්වයෙන් තමයි අද මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙ. එතනදි මම ආඩම්භර වෙනවා රටක් විදියට ආනයන මතම පදනම් වෙන්නෙ නැතුව බොහෝ නිෂ්පාදනයන් රට තුලත් ඇතිකරන්න සමත්වෙලා තියනවා. ඉතින් සංචාරක් කර්මාන්තය දියුණුවෙනකොට අපේ රට තුළ මෙවැනි විවිධ භාණ්ඩ නිෂ්පාදනය වීම රටේ අර්ථිකයට ලොකු ශක්තියක්. ඉතින් අද මේ ප්‍රදර්ශනයේ මම හිතන්නෙ අපි කාටත් දකින්න පුලුවන් මේ අපේ රටේ නිෂ්පාදනයන් මේ හෝටල් ක්ශේත්‍රයට සපයන ආකාරය. ආනයන කල යුතු දේවල් තියනවා කරන්න වෙන දේවල් ටිකක් තියනවා. ඒවත් අපි අනායනය කරන ගමන් මේ ක්ශේත්‍රය නගාසිටුවන්න මේ ප්‍රදර්ශනය විශාල ශක්තියක් වෙනවා. ඉතින් අපි රජයක් විදියට ඔබ කවුරුත් දන්නවා අපි බාරගත්තෙ බංකොලොත් වෙච්ච රටක්. කෙටි කාලයක් තුළ ආර්ථිකය ශක්තිමත් ස්ථාවර තැනකට අපි ගෙනයන්න සමත්වෙලා තියනවා. අදවෙනකොට රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් යනවා. දේශපාලන ස්ථාවරත්වය ඇතිවෙලා තියනවා. එනිසාම ලෝකය පුරා ඉන්න විවිධ සංචාරකයන් අපේ රටට එන්න පටන් අරන් තියනවා. ඉතින් ඒකත් එක්ක අපි විවිධ ප්‍රතිපත්තිමය තීන්දු කිහිපයකුත් පහුගිය කාලෙ ගත්තා. ඔබ දන්නවා සංචාරක ක්ශේත්‍රයට බලපාන සහ සංචාරක ක්ශේත්‍රයේ වර්ධනය වෙනුවෙන් යම් යම් තීන්දු තීරණ ගතයුතු වෙනවා. පහුගිය කාලේ රටවල් හතක් සදහා වීසා ගාස්තු අය කිරීමෙන් තොරව සංචාරකයන්ට පැමිණෙන්න අපි අවස්ථාව ලබලා දුන්නා. එක්සත් රාජධානියත් එයට අයත්වෙන රටක්. පහුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අපි තීන්දුවක් ගත්තා තවත් රටවල් හතලිහකට වීසා ගාස්තු නොමැතිව වීසා ලබාදෙන පහසුකම් ඇතිකරන්න. ඉතින් ඒ අනුව ගැසට් නිවේදනට නිකුත් වෙන ගමන් තවත් රටවල් හතලිහකට අපි වීසා ගාස්තුවක් නොමැතිව ලංකාවට පැමිණෙන්න අවස්ථාව ලබාදෙනවා. මේ තීන්දුවක් ගන්නකොට ඇත්තටම රජයට සෘජුව ලැබෙන ආදයමක් අහිමි වුනා. රටවල් හතලිහ අපි මේකට එකතුකරනකොට ඩොලර් මිලියන හැට හයක වාර්ෂික ආදායමක් මහා භාණ්ඩාගාරයට ඇත්තටම අහිමිවෙනවා. ඒ පාඩුව දරාගෙනම ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට ඒ තීන්දුව ගන්න මැදිහත්වුනා. සෘජුව අපිට ඒ මුදල අහිමි වුනත් මහා භාණ්ඩාගාරයට පාඩු උනත් අපි බලාපොරොත්තු වෙනවා සංචාරක කර්මාන්තයෙ දියුණුව තුළින් වක්‍රව ඊටවඩා වැඩි ආදායමක් රටට ගන්න. ඉතින් ඒ අනුව ඒ ආදායම වැඩිකරගැනීමේ වගකීම මේ ක්ශේත්‍රයේ නියුතු ඔබට භාරයි. ඇත්තටම අපි අමාත්‍යාංශය විදිහට කරන්නෙ ඒ ප්‍රතිපත්ති සහ නියාමනය සංචාරක කර්මාන්තය දියුණු කරන්න මැදිහත්වෙන්නෙ ඔබ. ඒ නිසා මේ ගත්‍ත තීන්දුව පහසු තීන්දුවක් නොවේ. ලේසි තීන්දුවක් නෙවේ ලැබෙන ආදයමක් අහිමි කරගන්න තීන්දුවක් හැබැයි වක්‍රව ඒ ආදයම සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රමාණය වැඩිකරගැනීම හරහා රටට ලබාගැනීම අපේ කාගේත් වගකීමක් වෙනවා. කොවිඩ් ත්ත්වයත් පාස්කු ප්‍රහාරය ඇතිවීමේ සිද්දියත් එක්ක පහුගිය කාලෙ රටේ ඇති වුන යම් වාතාවරණයක් තිබුණා.ඒ අනුව සමහර රටවලට වීසා ලබාදීම් සීමාකරලා තිබුනා. එයට එක් උදාහරණයක් තමයි මාලදිවයින. මාලදිවයින් ජනාධිපතිතුමාගේ විශේෂ ආරාධනාවක් මත අපේ ජනාධිපතිතුමත් මමත් ඇතුලු අපේ කණ්ඩායම ලබන සදුදා මාලදිවයිනට යනවා එතුමාගේ ඒ රාජ්‍ය නිළ ආරාධනාවට අනුව. එහිදී අපි බලාපොරොත්තු වෙනවා අපේ ලංකාව තුළ හෝටල් ක්ශේත්‍රයට අද මේ සැපයුම් ලබාදෙන ඔබට මාලදිවයිනේ හෝටල් ක්ශේත්‍රයට සැපයුම් ලබාදෙන්න පුලුවන් අවස්ථාව පුළුල් කරන්න සාකච්ඡා කරන්න. එහි අපි ඒ ආයෝජකයන් ඒ වගේම විවිධ ක්ශේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන් මුණගැහෙනවා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා ඔබට ශ්‍රී ලංකාව වගේම තවත් සංචාරක ගමනාන්තයක් තමයි මාලදිවයින. එහිත් විශාල හෝටල් ප්‍රමාණයක් තියනවා. ඉතින් අපේ රටේ ඔබට මාලදිවයිනේ හෝටල් සදහාත් මේ සැපයුම් අවස්ථා පුළුල් කරන්න යම් සාකච්ඡාවක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි දැනටමත් තීන්දු කරා මෙතෙක් මාලදිවයින් ජාතිකයන්ට අපි ලබාදුන්නෙ කෙටි කාලීන වීසා එයත් යම් යම් නිරීක්ෂණයන්ට යටත්ව නමුත් අපි මේ අගෝස්තු පළවෙනිදා ඉදලා මාලදිවයින් ජාතිකයින්ට වසරක් සදහා වීසා ලබාදෙනවා. පහුගිය දවස්වල විශාල මාලදිවයින් ජාතිකයින් ප්‍රමාණයක් ලංකාවට ආවා. විශේෂයෙන්ම අපේ ‘Health tourism’ ඒ මගින් සංවර්ධනය වුනා. නමුත් එය සීමාකිරීම නිසා මාලදිවයින් ජාතිකයින්ගෙ පැමිණීම අඩු උනා. ඉන්න අයත් ගියා. දැන් ඒ තීන්දුව අපි ආපහු වෙනස්කරලා අපේ health tourism සහ මාලදිවයින් ජාතිකයන්ට ලංකාවට පහසුවෙන් සංචාරකයන් විදියට පැමිණෙන්න අවශ්‍ය ඉඩ පහසුකම් සලසන්න වසරක කාලයක් සදහා වීසා ලබාදීම මේ අගෝස්තු පළවෙනිදා ඉදලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙවැනි තීන්දු තීරණ ගන්නෙ අපේ කර්මාන්තයේ දියුණුව සදහා අපේ රටේ දියුණුව සදහා ඉතින් ඒ සදහා විශේෂයෙන් පෞද්ගලික ක්ශේත්‍රයේ ඔබගේ දායකත්වය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ ක්ශේත්‍රය නගා සිටුවන්න යෝධ ශක්තියක් වෙනවා. අද මේ පැවැත්වෙන ප්‍රදර්ශනයත් අපේ රටේ සංචාරක ක්ශේත්‍රයේ දියුණුව සදහාත් රටේ දියුණුව සදහාත් තවත් ශක්තිමත් යෝධ පියවරක් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ වෙනුවෙන් මැදිහත්වෙන සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටම නැවත වතාවක් අමාත්‍යවරයා විදියට රජය වෙනුවෙන් ස්තූතිය පුදකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img