Thursday, August 20, 2026
HomeNEWSශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසා

ශ්‍රී ලාංකික පුරවැසියන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90ක On-Arrival සංචාරක වීසාජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව, සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත.මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර, එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අවශ්‍ය වේ. මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බව මාලදිවයින් රජය සඳහන් කරයි. තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරයි. ජනාධිපති මාධ්‍ය අංශය2025-07-30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ, කොටුව උරුමය සුරකිමින් සංචාරක කලාපයක් කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට

කොළඹ, කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් ජනපතිගේ අවධානයට කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති...

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා එම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (19) පස්වරුවේ රැස්වීමට නියමිත බව එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ගුවන්තොටුපොළ...

හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ අනතුරකින් ජීවිතක්ෂයට.

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳ වන දේශානි ගුණරත්න මහත්මිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 55 හැවිරිදි දෙදරු මවකි. තමන්ට අයත් අලුතින් ඉදිකරමින් පවතින...

පොලිසිය සම්පූර්ණයෙන්ම ‘පොලිෂ්’ වෙයි..!

ලබන ජනවාරි මාසය වන විට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img