Tuesday, August 18, 2026
HomeNEWSකතෝලික සභාව කිව්වාට ඉල්ලා අස් නොවන බව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති කියයි

කතෝලික සභාව කිව්වාට ඉල්ලා අස් නොවන බව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා දරන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය දූරය බලපෑ හැකි බවට කතෝලික සභාව පැවසුවත් තමන් නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලාඅස් නොවන බව ඒ මහතා සති අන්ත ඉරිදා පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.ජයසිකර මහතා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නැගෙනහිර පළාත් ආඥාපතිවරයා ලෙස ඔහු සේවය කළ බැවින් ඔහුගේ වත්මන් භූමිකාව පාස්කු විමර්ශනවලට බලපෑම් ඇති කළ හැකි නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස කතෝලික සභාවෙන් සහ විපක්ෂයෙන් සිදු කරන ඉල්ලීම් වලට අවනත වී එම තනතුරින් ඉවත්වනවාදැයි එම පුවත්පත කරන ලද විමසුමකදීය.පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරමින් යන විමර්ශනවලට තමන්ගෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් විමර්ශන ස්වාධීනව ඉදිරියට සිදුකරගෙන යන බවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img