Thursday, November 26, 2026
HomeNEWSට්‍රම්ප්-පූටින් හමුව එකඟතාවයකින් තොරව අවසන්

ට්‍රම්ප්-පූටින් හමුව එකඟතාවයකින් තොරව අවසන්

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන ඇන්කරේජ් හි එල්මෙක්ඩෝෆ්-රිචඩ්සන් හමුදා කඳවුරේ දී පැවති මෙම සාකච්ඡා මෙරට වේලාවෙන් අද (16) අලුයම අවසන් විය.ලෝක බලවතුන් දෙදෙනා පැය 3කට ආසන්න කාලයක් මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.කෙසේ නමුත් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් නොකළ අතර, කිසිදු ගිවිසුමක් හෝ සටන් විරාමයක් ප්‍රකාශ නොකර පිටව ගියහ.මෙම තීරණාත්මක සාකච්ඡාවෙන් පසු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙන බව ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණද, දෙදෙනාම කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු නොදී පිටව ගොස් ඇත.එහිදී “ගිවිසුමක් ඇති වන තුරු ගිවිසුමක් නැහැ” යනුවෙන් ට්‍රම්ප් පැවසූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.එමෙන්ම පුටින් පවසා ඇත්තේ යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට තමා “අවංකවම උනන්දු” බවය. ඒ හැරෙන්න ජනාධිපතිවරු දෙදෙනාම මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදුන්නේය.කෙසේ නමුත් එම සාකච්ඡාවට සහභාගීවීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හට ආරාධනා නොලැබීම ද විශේෂත්වයක්.ඒ හේතුවෙන් සාකච්ඡාවට පෙර සිටම යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබුණේ, තමන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ගන්නා තීරණ ඵලරහිත බවයි.ඊට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනයට සහාය දක්වන යුරෝපීය රටවල් සඳහන් කර තිබුණේ, යුක්‍රේනය එකඟ නොවන කිසිදු කොන්දේසියකට තමන් ද එකඟ නොවන බවය.2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.එමෙන්ම අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් වසර 6කට පසු මුහුණට මුහුණ හමු වූ පළමු අවස්ථාවද මෙයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දූෂණයට එරෙහි සටනේ ජාත්‍යන්තර සහයෝගීතාවයට නව නැම්මක්

දූෂණයට එරෙහි සටනේ ජාත්‍යන්තර සහයෝගීතාවයට නව නැම්මක්! 🇱🇰🤝🇷🇺ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි සටනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026 නොවැම්බර් 26 වන අද දින, රුසියානු...

රෝහිත රාජපක්ෂගෙන් FCIDයට පැය 5ක ප්‍රකාශයක්

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගෙන් අද(26) දින FCID ය ප්‍රකාශයක් සටහන්කර...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් මිල ඉහළ ගොස් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ.ඩො. 94.56 ලෙස සහ WTI බැරලයක් ඇ. ඩො. 84.05ක් ලෙස සටහන් වෙයි.

සාකච්ඡා අසාර්ථකයි..30 වෙනිදා ගුරු- විදුහල්පති අසනීප නිවාඩු

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (25) පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම නිසා, 11/30 අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ වෙනසක් නැහැ: ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img