🔹 **”Rich Dad Poor Dad” රොබට් කියෝසකි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා හමුවෙයි**ලෝකප්‍රසිද්ධ “Rich Dad Poor Dad” මිලියන 40කට වැඩි පිටපත් විකිණී ඇති මුල්‍ය සහ ව්‍යාපාරික අධ්‍යාපන ග්‍රන්ථයෙ කතුවරයෙකු වන රොබට් කියෝසකි මහතා, සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සමඟ කොළඹ දී හමු වූ විශේෂ අවස්ථාව මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ව්‍යාපාරික අවස්ථා, ව්‍යවසායකත්වය සහ තරුණයන් සඳහා මූල්‍ය අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳ ගැඹුරු සංවාදයක් ද සිදුවිය.ඔහු විසින් රචිත ලොව පුරා මිලියන ගණනක් පාඨකයන් ආදරයෙන් වැළඳ ගත් “Rich Dad Poor Dad” ග්රන්ථයද පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාට ලබාදීමත්, සර්වජන බලය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම උදෙසා වූ උපායමාර්ගික වැඩපිළිවෙළ ඔහු වෙත පිළිගැන්වීමත් සිදු කෙරුණා.






















