Thursday, May 21, 2026
HomeNEWSරාජපක්ෂවරුන්ගේ කාලයේදී තමයි පාතාලය මර්ධනය වුණේ- පොහොට්ටුවේ මහ ලේකම් සාගර

රාජපක්ෂවරුන්ගේ කාලයේදී තමයි පාතාලය මර්ධනය වුණේ- පොහොට්ටුවේ මහ ලේකම් සාගර

• රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි පාතාලයේ නායකයෝ මේ රට අතහැර දමා ගියේ………. පාතාලයක් ඉහළට ඔසවා තැබීමේ වගකීම ගතයුත්තේ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන ආණ්ඩුව බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2025.08.18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,“ පහුගිය දවසක අපි දැක්කා බිමල් රත්නායක අමාත්‍යවරයා මේ පාතාලය පහුගිය කාලයේ මෙහෙයවුණ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනවා. බිමල් රත්නායක මැතිතුමනි රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි පාතාලයේ නායකයෝ මේ රට අතහැර දමා ගියේ. රාජපක්ෂවරුන්ගේ කාලයේ තමයි ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් නතර වුණේ. ඒ නිසා දැන් ඔබලාගේ ආණ්ඩුවක් යටතේ පාතාලය දිනෙන් දින මහා පාරේ, ගෙවල්වලට පැමිණිලා වෙඩි තියලා මිනි මරලා යන තත්වයට පත්වෙලා තිබෙනවා. මේ තත්වය, මේ වගේ පාතාලයක් ඉහළට ගෙන ඒම සම්පූර්ණ වගකීම ගන්න ඕනි මේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව. ඔබලාට ජනතාව බලය දුන්නේ මේ සම්බන්ධයෙන් නැවත නැවත පැරණි දේශපාලඥයින්ට වරද පටවමින් අත පිහිදාගන්න නොවේ. ඒ නිසා තවදුරටත් ජනතාවට විහිලු සපයන්නේ නැතිව, තමන්ගේ නොහැකියාව වහගන්න හිටපු නායකයින් පිට බොරුවට වරද පටවන්නේ නැතිව, ඔබලා දැන්වත් වැඩකර පෙන්වන්න. කිසියම් හෝ රාජ්‍ය නායකයෙක් පාතාලය සමඟ සම්බන්ධතා පැවැත්තුවා කියලා ඔබලාට සාක්ෂි සාධක තිබෙනවානම් වහාම එය හෙළිකර ඔවුන්ව නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කරන්න. නමුත් තමන්ගේ නොහැකියාව වහාගන්න ජනතාවට හිටපු නායකයෝ ගැන බොරු කියන කාරණය ඔබලා දැන්වත් නතර කළහොත් එය රටට ලොකු යහපතක්. ඒ වගේම අපි දැක්කා පහුගිය දවසක අලුත් පොලිස්පතිවරයෙක් පත්වෙනවා. අලුත් පොලිස්පතිතුමාට සුභ පතනවා. ඒ වගේම එතුමාට දේශපාලනයෙන් ව්‍යුක්තව එතුමාගේ රාජකාරිය කරන්න හැකියාව ලැබේවා කියලා පක්ෂයක් හැටියට ප්‍රාර්ථනා කරනවා. රටක නීතිපති, හමුදාපති, විගණකාධිපති, පොලිසිපති යන තනතුරු තිබෙන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ව්‍යුත්පන්නවයි. ඒ තනතුරුවලට දේශපාලන සබඳතා තිබෙන්න බැහැ. ඔවුන් කටයුතු කළයුත්තේ ආණ්ඩුව සමඟ නොව රජය සමඟයි. අපිට තවදුරටත් පූජිත් ජයසුන්දර කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔබතුමා පොලිස්පති හැටියට මේ රටේ දේශපාලනයෙන් තොරව සාධාරණව කටයුතු කරයි කියන බලාපොරොත්තුව අපේ තිබෙනවා. ඒ වගේම මේ රටේ සිදුවෙච්ච දැවැන්තම වංචාව වන කන්ටේනර් 323 ක් එළියට යැවීම සම්බන්ධයෙන් අද වනතුරු කිසිදු පරීක්ෂණයක් පවත්වා නැහැ. මේ කන්ටේනර් වංචාව භයානක වංචාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේදී ප්‍රකාශ කළා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ආයුධ මේ කන්ටේනර් වල තිබුණා කියන හැගෙවෙන කතාවක්. මේ කන්ටේනර ඇතුලේ මොනවාද තිබුණෙ යන්න කිසිදු කෙනෙක් දන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අද වනතුරු නැහැ. ඔබතුමා නව පොලිස්පති හැටියට, ඔබතුමා අවංකව කටයුතු කරනවානම් ලංකා ඉතිහාසයේ වෙච්ච දැවැන්තම වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කරන්න කියන ගෞරවනීය ඉල්ලීම කරනවා.ඒ වගේම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රට පාලනය කිරීමේ ක්‍රමවේදයක් සකසා තිබෙනවා. පාර්ලිමේන්තුව තුළින්, ඇමති මණ්ඩලය, පළාත් සභා යටතේ සහ පළාත් පාලන ආයතන යටතේ කියන කොටස් තුනක් යටතේ. මෙම කොටස් තුනෙන් පළාත් සභා මේ වන විට අක්‍රිය වී ඉතාම දීර්ඝ කාලයක් ගිහින් තිබෙනවා. මේ පළාත් සභා අක්‍රිය කරන්න එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඡන්දයට බයවී මේ පළාත් සභා පනත වෙනස් කර ඡන්දයක් පවත්වන්න බැරි ආකාරයට පළාත් සභා පනත සංශෝධනය කළා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නොතිබුණු අවස්ථාවක එයට අවශ්‍ය සහයෝගය ලබාදුන්නේ අනුර කුමාර දිසානායක මහතා ඇතුලු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු. නමුත් මේ තත්වය ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයක්. අදටත් රටේ මුදල් ප්‍රතිපාදනවලින් ඉතාම වැඩි ප්‍රමාණයක් වෙන්වන්නේ පළාත් සභා සඳහා. ඒ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ බලය ඒ ඒ ප්‍රදේශයේ මහජන නියෝජිතයින්ට ලබාදෙන ක්‍රමවේදයක් තමයි පළාත් සභාවල තිබෙන්නේ. නමුත් මේ වන විට ලංකාවේ පළාත් සභා නවයේම සම්පූර්ණ මූල්‍ය බලය තමන්ගේ අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබු ආණ්ඩුකාරවරුන් 09 ක් හරහා ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබනවා. මෙය ඉතාම නීති විරෝධි, අසාධාරණ තත්වයක්. මෙවැනි තත්වයකට මේ පළාත් සභා අතුරුදහන් කරන්න ඡන්දය දීලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස එදා උදව් කරපු අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා මේ තත්වය දිගටම ගෙනයාම තුළ මේ රටේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් විශාල ගැටලු ඇතිවී තිබෙනවා. ඒ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, පළාත් සභා සම්බන්ධයෙන් ඔබතුමාගේ ස්ථාවරය වහාම මේ රටේ ජනතාවට හෙළිදරව් කළයුතුයි. ” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img